19.

317 57 4
                                    

වොලිබෝල් කෝට් එකේ හැමොම පුරුදු වෙන ගමනුයි හිටියේ..
ටේහි්‍යුන් කියන්නෙත් ටීම් එකේ දක්ශම ප්ලේයර් කෙනෙක්....

යුංගි ජංකූක් ව ඇදගෙන ඇවිත් පැවිලියන් එකේ පැත්තකින් වාඩි උනා.

ජංකුක් නම් දැනටමත් ඇස් ලොකු කරං ටේහි්‍යුන් දිහා බලාගෙන ඉන්නවා.

ටේහි්‍යුන් ගොඩක් කඩවසම් වගේම දාඩිය දාලා එයාගෙ මුණ දිලිසෙනවා.

" හරි.. දැං ගිහින් ටේහි්‍යුන් ට පේන්න ඉන්නවා...." යුංගි එහෙම කියලා ජංකුක් ව ඉසස්රහාට තල්ලු කලාම ලග තිබ්බ පෙට්ටි ටිකක ගිහින් ජංකූක් ව වැදුනා.

පෙට්ටි ටික ඔක්කොම හඩ නගමින් කෝට් එකේ පැත්තකට වැටෙද්දි ප්ලේ කර කර හිටිය හැමෝම ඒ පැත්ත බලන්න උනා.

ටේහි්‍යුන් පවා ජංකූක් ව හොඳටම දැක්කා..

" ජ්.. ජංකූක්... "  ටේහි්‍යුන් දැක්කා ජංකූක් පැවිලියන් එකේ වැටිලා ඉන්නවා... එයා එතනට යන්න හැදුවත් ටීම් එකේ ලීඩර් හැමොටම එක තැනකට එකතු වෙන්න කියලා කෑ ගහපු නිසා ටේහි්‍යුන් ආපහු ඒ පැත්තට ඇවිදං ගියා.

.
.
.

" හරි.. හොඳට අහගන්න දැන්.... මං ඒ කිව්ව විදිහට තමයි අපි හෙට ප්ලේ කරන්නෙ.... අපිට අනිවාර්යයෙන්ම ශින් ස්කූල් එක අවුට් කරන්න පුළුවන්.....

අනික.... තව වැදගත් දෙයක් තියනවා..... ඒ තමයි මේ මැච් එකේ මැනේජර් විදිහට ඉන්න යූයූ ට අපේ ටීම් එකේ කෙනෙක් ගැන කැමැත්තක් තියනවලු.......... "

ටීම් ලීඩර් සම්පූර්ණ කතාවම ඒම ඉවර කරද්දි හැමෝම ඇස් ලොකු කරං බලාගෙන හිටීයා.

.
.

" මොනවද එයාලා ඒ කියවන්නෙ... "

" මන්දා... හැබැයි ඒක වොලිබෝල් වලට සම්බන්ද දෙයක් නෙවෙයි......  මැච් එක ගැන කතා වෙද්දි ගෑනු ලමයෙක්ගෙ නමක් කියන්නෙ ඇයි.... .."

පැත්තක ඉදගෙන සම්පූර්ණ කතාවම අහගෙන හිටිය යුංගි එහෙම කිව්වා.

.
.
.
.

" මේ සන්හූ... එයාගෙ ගර්ල්ෆෙන් ඉන්නෙ ශින් ස්කූල් එකේ.. යූයූ එයාට කෙලින්ම ඒම කියලා තිබ්බා... හෙට ඒ ගෑනු ලමයා එයා කැමති කෙනාට තෑග්ගක් දෙන්න බලාගෙනලු ඉන්නෙ.... "

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now