10.

417 79 2
                                    

" ජ්.. ජිමින්.. මොක.. ක්ද ඒ ඔයා කිව්වෙ..." ජංකුක් එයාට ඇහුන දේ විශ්වාස නැති නිසා ඉක්මනින් ඔංචිල්ලාව නවත්තලා ජිමින් දිහා බැලුවා.

" මොකක්ද.... එයා ගොඩක් කඩවසම් කියපු එකද..."

ජිමින් තාමත් හිනා වෙවී ඔංචිල්ලාව පදිනවා.

" න්.. නැ නැ.. ක.. කව්ද කඩවසම් කිව්වෙ.... "
ජංකූක් ගෙ හදිස්සියට එයාට වචනත් පැටලෙනෝ.

" හෑ.. මොනවද අනේ ඔයා කියවන්නෙ. ඔයා දන්නවනෙ...."

" නෑනෑ... කියන්නකො.."

" ජංකූක් ඔයා මට විහිළු කරනවද ආ.. " තාමත් ජිමින් ඔංචිල්ලාව පදින ගමනුයි ජංකූක් ට උත්තර දෙන්නෙ. ඒත් ජංකූක් නම් හොඳටම කලබල වෙලයි ඉන්නෙ.

" ඒ. ඒ කියන්නෙ.. ඔයා කැමති ටේ හියුංග් නෙවෙයි ද.... "

" හාහාහා.. ජංකූක් ඔයා මොනවද අයියෝ කියන්නෙ මේ...... මං කැමති ටේ හියුංග් ට නෙවෙයි. යුංගි හියුංග් ට..... එයා මට වඩා වැඩිමල්නෙ. ඒකයි මම එයාට හියුංග් කියන්නෙ..."
ජිමින් ඔංචිල්ලාව නවත්තලා ජංකූක් දිහා බලං කිව්වා.

" මො..... මොකක්ද... " ජංකූක් එකපාරම හොඳටම කලබල උනා.. ඒ. ඒකියන්නේ... ජිමින් කැමති ටේ හියුංග් ට නෙවෙයි..... යුංගිට....

" ඒ. ඒත්.. ඒත් ඔයා අර මකනෙ ලියලා තිබ්බෙ ' ලව් යු ටේ හියුංග්' කියලා...

" මොන..." ජිමින් පුදුමෙන් ඇහුවා.

" අර. අර ඔයා මට දුන්නෙ.... "
ජංකූක් කියනකොට ජිමින් උකුල උඩ තියං හිටිය බෑග් එක ඇරලා ඒ මකනෙ එලියට ගත්තා.

" ආ....... හරිනෙ..... මං. මං ඒ කෑල්ල පාවිච්චි කරලනෙ..... මේකෙ ඉතිරි හියුංග් කියන කෑල්ල විතරයි....." ජිමින් මකනෙ දිහා බලං පුදුමෙන් කියද්දි ජංකූක් පණ නැතිව වැටෙන්න වගේ ගියා.

" ආග්.. ආ... යුංගි කියන එක මැකිලා... ආ. ආ..." ජංකූක් එයාට මේක දරාගන්න බැරි තැන බිම දණ ගහගත්තා.

" ඒ කියන්නේ ඔයාට වැරදිලාද..... පොඩ්ඩක් ඉන්න.... ඒ කියන්නේ ඔයා කැමති කෙනා...............

ටේ හියුංග් ද..."

ජිමින් දුවලා ජංකූක් ගාවට ඇවිත් ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙනයි. ජංකූක් ඒකට කලේ හිමින් ඔලුව වනපු එක.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now