16.

426 68 0
                                    


" පොඩ්ඩක් ඉන්නවා...... අපි මේ ගැන කතා කරන්න ඕන.. ඔයා ඕක කියලා ඉවරයක් කරන්න ඕන..."
යුංගි ඒම කියාගෙන ගෙදර යන්න ගිය  ජංකුක් ගාවට ආවා.

" යා.. තව මොනා කරන්නද.... අනික එයා කිව්වා මේක මේ විදියට විසදුන එක ගැන එයාට සතුටුයි කියලා.. ඒ කියන්නේ ඉතින් එයා මං ගැන.."

" යා... ඕම තමන්ව අවතක්සේරු කරගන්න එපා මෝඩයෝ.... ඔයා දන්නවද ඕනම දෙයක් හොඳ පැත්තට කැරෙන්න පුළුවන්....."

" ම්.. ඒත් මේකනං ඒම වෙන්නෑ.."

" හරි... මට ආවා හොඳ අදහසක්.. "

යුංගි එකපාරම කෑ ගහලා කියද්දි ජංකුක් දැන ගත්තා තව මොකක් හරි ලොකු ප්‍රශ්නයක් යුංගි අදින්න තමයි යන්නෙ කියලා.

" ඔයා ඔයාගෙ ඇත්තම හැගිම් ටේහි්‍යුන්ට කියන්න ඕන... ඒ අපි පරිසර චාරිකාව ගියාම....."

" මො.. පරිසර... චාරිකා... "

" ඔව් ඔව්... ඒක තමයි මේ අව්රුද්දෙ තියන හොඳම වැඩසටහන... ඒකෙදි නිදහසේ ඉන්න ගමන් ඔයාට ඔයාගෙ හැම හැගිමක්ම ටේහි්‍යුන්ට කියන්න පුළුවන් වෙයි..." යුංගි අත් දෙකත් දිග ඇරගෙන ඇස් පීයාගෙන ඔහේ කියාගෙන ගියා.

" අනික එතනදි කවුරුත් බෑ කියලා කියන්නෑ.... එතන ස්වභාව ධර්මයට අදිපති දෙවිවරුන්ගේ ආශිර්වාදය පවා තියනවලු... "

යුංගි කියද්දි ජංකුක්ට නම් හිතුනෙ යුංගි පිස්සු හැදිලා කියවනවා වගේයි.

" ජංකුක් ඔයාට පුළුවන්... ඔයාට පුළුවන් ටේහි්‍යුන්ව කැමති කරව ගන්න..." යුංගි අධිෂ්ඨානය ධෛර්යය ඔක්කොම අරං ජංකුක් ගාවට ඇවිත් කිව්වා.

" මං නං හිතන්නේ නෑ ඕක හරියයි කියල.. "

" යා..... ඒම කියන්න එපා මෝඩයෝ.. මේක පුලුවන්.. ඔයාට පුළුවන්... ෆයිටින්......" යුංගි බලෙන්ම ජංකුක්ව ඒකට පොලබවද්දි ජංකුකුත් හිමින් ඔලුව වැනුවෙ හා කියලා කියන්නයි.

.
.
.
.

.
.
.
.

.
.
.
.

සති අන්තය ඔහේ ගෙවිලා ගිහින් පරිසර චාරිකාව යන දවස උදා උනා.. හැමෝම ලොකු කන්දක් වටේට තියන  කෑලෑවකට ආවා. එතන හැම අවුරුද්දෙකම මේ වගේ කෑම්ප් එකක් හදන තැනක්.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now