06.

419 89 0
                                    

" ඔයාට මොකද උනේ... "

" මට..."

" ඔව්. ඔයා කිව්වෙ ඔයාටත් කෙනෙක් ගැන කැමැත්තක් තියනවා කියලා" ජිමින් එකපාරම කතාව ඒ පැත්තට හරවලා ටික ටික ජංකූක් ගාවට ලං වෙච්චි නිසා ජංකූක් පොඩ්ඩක් ගැසුනා.

" ආහ්.. ඒක මේ ඒ තරං දෙයක් නෙවෙයි..." ජංකූක් බොරුවට හිනා වෙවී ඔලුව පිටිපස්ස අත ගගා හිමින් ජිමින්ගෙන් ටිකක් ඈත් වෙන්නයි හැදුවෙ.

ඒත් ජිමින් නම් වැඩේ අත හරින පාටක් නෑ... " අනේ ජංකූක්. මට විතරයි නෙ.. අනේ අනේ.." ජිමින් ඒම කියමින් තව ටිකක් ජංකූක් ට ලං උනා.

ජංකූක්ගෙ බය වැඩි වෙච්ච පාර පිටිපස්සට අත තියලා ටිකක් ඈතට යන්න ගියත් අත වැදුනෙ තීන්ත පින්සල් හොඳන්න තියලා තිබ්බ වතුර බාජනෙයි.

අත වැදුන තත්පරෙන් බාජනේ හදලා තිබ්බ ඔක්කොම පසුතල වලට වැක්කෙරුනා.

ජිමින් වගේම ජංකූක් කරකියා ගන්න දෙයක් නැතිව කටත් ඇරං ඒ දිහා බලං හිටියා.

" ඉවරයි..."

" නෑ ඉන්න. මම ඉක්මනට ඒක පිහිදලා දාන්නම්.." කිව්ව ජංකූක් ලග තිබ්බ රෙදි කෑල්ලක් අරං වතුර ටික පිහිදාන්න ගත්තත් ඒකෙන් උනේ තව ටිකක් ඒ පින්තූරෙ තෙත් වෙච්චි එක.

.
.
.

ඒ වෙලාවෙම තමයි යුංගි එක්ක ටේ හියුංග් එතනට ආවෙ.

යුංගි එතනට එනකොටම වෙලා තියෙන දේ එයාට තේරූනා.

" මොකක්ද ඒ කලේ... " යුංගි අහද්දි ජිමින් ජංකූක් දෙන්නාම ඉක්මනට ඒ පැත්තට හැරුනා.

" ආග්.... මේ..."

" මගේ අතිනුයි ඒක උනේ.." ජිමින් කියන්න දෙයක් හිතද්දි ජංකූක් ඉක්මනට එයාගෙ වරද බාර ගත්තා.

" ජංකූක්...." ජිමින් ඇස් දල්වගෙන ජංකූක් දිහා බලාගෙන හිටියා.
ඒත් යුංගිට ඒකට කේන්ති ගියේ නෑ.

" යා.. ජංකුකා.. ඔහේ නං හැමවෙලාවෙම වැඩ කනවනෙ. දැං ඒක පිහිදාන්න ගිහින් වැඩේ ඩබල් කලානේද... " යුංගි එයාගෙම ඔලුවට ගහගන්න ගමන් ඇහුවා.

" අපි.. අපි ඒක ආයේ හදමු..." මෙච්චර වෙලා සද්ද නැතිව හිටිය ටේ හියුංග් ඉක්මනට එතනට ඇවිත් පසුතලේ ගාවින් ඉදගෙන ආපහු පින්සල් ටික අතට ගත්තා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now