09.

396 77 4
                                    

.

" මේ බලන්න මේ ෆොටෝ එක..."

" අනේ ඒකෙ ටේ හියුංග් මාරම ලස්සනයි."

" ඔව් ඒක තමයි. කුමාරයාගෙ ලස්සනට කුමාරි වසග වෙන එක ආයේ අහන්න දෙයක් ද...."

" ඔව් ඒක තමයි. බලන්නකො මේ දෙදෙනාගෙ ඇස් දිහා.. අම්මෝ.... මේ දෙන්නා නම් ලව් බර්ඩ්ලා දෙන්නෙක් වගේ...."

ජින් පෙන්න පෙන්න යන ෆොටෝ එක දිහා බලං ලමයි එක එක කතා කියන්න උනා... ඒත් මේ හැමදේම දිහා ජංකූක් බලාගෙන හිටියේ සීමාව පනින්න කිට්ටුයි වගේ බැල්මකින්..

" ඕක.. ඕක නවත්තනවලා.." ජංකූක් එයාගෙ කොන්ඩෙනුත් ඇදගන්න ගමන් කෑ ගැහුවෙ හැමෝම සද්ද නැතිව ජංකූක් දිහා බලද්දියි.

" අයියෝ ජංකූක්.. අපි මේ විහිලුවට අනේ... හැමෝම සතුටින් නිසා හැමෝම විහිලු කරගන්නවා..." ජින් ජංකූක් ගාවට ඇවිත් උරහිසට තට්ටුවක් දාලා කිව්වා.

" අයියෝ ඒක විහිලුවක් අනේ. අපි දන්නවා ඒකනං කියටවත් වෙන්නෑ කියල..."
තව ගෑනු ලමයි ටිකක් ඒම කියද්දි ජංකූක් තමන්ටම හිනා වී ගත්තා.

" හ්හා.. ඔව් නේද.. ඒක විහිළුවක්.. හැමෝම මාව විහිලුවට ගන්නවා... " ජංකූක් තනියම හිතන්න උනා.

.
.

" ම්... මේකනං විනෝදයි අනේ.. ආ.. ටේ හියුංග්. ඔයා මොකද මේ ගැන හිතන්නෙ.. " ජින් ජංකූක් ගාවින් අහකට ගිහින් ටේ හියුංග් ට ලංවෙලා ඇහූවා.

හැමෝම ටේ හියුංග් දිහා බලං හිටියේ එයා කියන දේවලුත් අහගන්න ඕන නිසයි.

" ඒක විහිලුවක් නෙවෙයි.." ටේ හියුංග් ජංකූක් දිහා බලං කියද්දි හැමෝම පුදුමෙන් ඇස් ලොකු කරගත්තා.

" ජංකූක් ක්ලාස් එක වෙනුවෙනුයී ඒ දේවල් කලේ. කොහොමද ඔයාලා කිසිම තැකීමක් නැතිව එයාට හිනා වෙන්නෙ.. ආ...." ටේ හියුංග් හිටියේ විහිළු කරනවා වගේ නෙවෙයි.. ටේ හියුංග් ඒම කියද්දි ජංකූක් නම් ඒ ඇස් දිහා එකදිගටම බලාගෙන හිටියා.

එයා ගැන ඒ විදියට හිතන්න එක්කෙනෙක් හරි ඉදලා ඒ කියන්නෙ.

" ආග්... ඔය වගේ කතා කිව්වොත් මං ඇත්තටම ඔයාට කමති වෙයිද දන්නෑ හොඳේ.. " ජංකූක් නිකං විහිලුවක් කරනවා වගේ ඒම කියාගෙන ටේ හියුංග් ගාවට ආවෙ හැමෝවම යතා තත්වෙට ගන්න හිතාගෙනයි.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now