15.

367 70 4
                                    


" මගේ කනට ගැහුවෙ ඇයි කියනවා...." යුංගි ජිමින්ව ලග තිබ්බ බිත්තියට තද කරන ගමන් ඇහුවා.

ජිමින් නම් ඇස් දෙකත් ලොකු කරං බය වෙලා බලාගෙන ඉන්නවා.

" මං කීයටවත් ඒකට සමාව ගන්නෑ.." ජිමින් ඒම කියලා අහක බලා ගත්තා..

" ආශ්..මම කිව්වෙ සමාව ගන්න කියලා නෙමෙයි නෙ.. මට කියනවා ඇයි මට එවෙලෙ ගැහුවෙ....

හ්හා කියන්නෑනෙද....
නිකම් වත්.... ජංකුක් ටේහි්‍යුන්ට ඇත්තටම කැමතිද...."

යුංගි ජිමින් මුකුත් කියන්නැතිව අහක බලං ඉන්න නිසා ඒම ඇහුවත් ඒ එක්කම ජිමින් යුංගි දිහා බැලුවම යුංගිට අදහා ගන්න බැරි උනා.

" මො.. මොකක්.... කොහොමද ඒක වෙන්නෙ... "

" හ්හා.. ඇයි වෙන්න බැරි ආ.... " ජිමින් ආයෙම කෑහගෙන යුංගි ගාවට ආවා.

.
.
.
.
.
.


" හ්හා.. මගේ පාඩම් කරන විදිහ.."

" ඔව්.. ඔයාට ගියපාර විබාගෙට තිබ්බෙ ලකුණු හයයි. මේ පාර පරීක්‍ෂණයට ලකුණු අසූ නවයයි.."

" ඒත් සර්... මම මුකුත් හොර වැඩක් කලේ නෑ... "

" මං දන්නව ඒක.. මං අහන්නෙ පුතේ ඔයා පාඩම් කරන විදිහ මොකක්ද කියලා.. එතකොට ඒක අනිත් ලමයින්ටත් වැදගත් වෙයිනෙ... "

ජංකුක්ට එයාලගෙ සර් ඔෆිස් එකට එන්න කියලා තිබ්බෙ ඒ දේවල් ගැන අහන්නයි..
ඒත් ජංකුක් හිතුවෙ එයා හොර කලා කියලා හැමොම හිතයි කියලයි.

" මං ඒම විශේෂ මුකුත් කලේ නෑ.. හොර කලෙත් නෑ... "

" ආ... දරුවෝ මම දන්නවා.. "

" ජංකුක් වැරදි දේවල් මුකුත් කරේ නෑ සර්... එයා මාත් එක්කයි පාඩම් කලේ.."
එකපාර එතනට ඇවිදගෙන ආවෙ ටේහි්‍යුන්.

" ටේහි්‍යුන් ඔයා.. මොනවද මෙතන..." ජංකුක් හිමින් ටේහි්‍යුන් දිහා බලං ඇහුවා.

" ආග්.. මං මේ රිපෝට් එක සර්ට දෙන්න ආවෙ.. " ටේහි්‍යුන් ඒම කියලා එයා අතේ තිබ්බ ෆයිල් එකක් සර්ට දුන්නා.

" ඒ කියන්නේ ටේහි්‍යුන්, ජංකුක් ට ඉගැන්නුවද.. අනේ කොච්චර හොඳද... ඔය දෙන්නා දිගටම ඔහොම එකට වැඩ කරන්න. එතකොට ජංකුක්ටත් හොඳට ලකුණු ගන්න පුළුවන් වෙයි..."
සර් හිනා වෙලා කියන ගමන් ටේහි්‍යුන් ගෙ ෆයිල් එක ගත්තා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now