08.

406 85 2
                                    

" ආ..... මං මේ... මං කැමති මාලිගාවෙ තියන නැටුම් උත්සවේට යන්න..." ජංකූක් හිටියේ ස්ටේජ් එකේ. එයා පරණ ගව්මත් ඇදගෙන ස්ටේජ් එක මැද බිම පිහිදනවා වගේ රගපාන ගමන් ස්ටේජ් එකේ පැත්තක ජින් අල්ලගෙන ඉන්න කොලේ දිහා බල බල කියන්න උනා.

ඒත් එයා ඒ දෙබස් කියන විදියට මුලු හොල් එකම හයියෙන් හිනා වෙනවා.

ඊට පස්සේ ගිහින් ගිහින් එයාව කුමාරිකාවක් කරන කෑල්ලට ආවා.

ජංකූක් සේටේජ් එක මැද හිටියා වගේම මායාකාරිට හිටිය ගෑනු ලමයා යශ්ටියක් අරං එයාගෙ දෙබස් ටික කිව්වා.

ඊට පස්සේ  වලාකුළු වගේ (මීදුම) පසුතල ටිකක් අරං කට්ටිය ඇවිත්  ජංකූක් ව වැහුවා.

ඊලග විනාඩියෙදි ඒ මීදුම ඈත් වෙලා යද්දි එතන හිටියේ නිල් සුදු මිශ්‍ර උන පිම්බුන ගව්මක් ඇදන් හිටිය වෙනම ජංකූක් කෙනෙක්.. නෑ එයා කොල්ලෙක් කියන්න බැරි තරං ලස්සනයි...
රත්තරං පාට බොරු කොන්ඩෙ නිසා එයා තවත් ලස්සන වෙලා හිටියා.

" වාව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" වාව්... මේ ලස්සන ඇදුම බලන්න..." ඒ ජංකූක්ගෙ ඊලග දෙබස..විශේෂය උනේ හැමෝම ජංකූක් දිහා කටත් ඇරං බලං ඉන්න එක. එයා ඒ තරං ලස්සනයි....

.
.

සින්ඩරෙල්ලා කරත්තෙ නැගලා මාලිගාවටත් ගියා. ඔන්න දැං තමයි කුමාරයා එන කෑල්ල.

ටේ හියුංග් වේදිකාවෙ එක පැත්තකින් මතු වෙද්දි හොල් එකේ හිටිය ගෑනු ළමයි මහ හයියෙන් උගුරත් කඩාගෙන කෑ ගහන්න උනා.

" බෑඈඈ එයා දෙයියනේ.. මාරම ලස්සනයි.." කෙල්ලො කෑ ගහන්න උනා.

යූංගි හිටියේ ටේ හියුංග් ගෙ පාලක චරිතයට. එකපාර ගෑනු ළමයින්ගෙ සද්දෙට යුංගි අතේ හංගගෙන හිටිය ෆෝන් එක පවා බිම.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now