26.

270 39 0
                                    


ඉරිදා දවස ඉක්මනට උදා උනා... ජංකූක් වෙනදට වඩා ලස්සනට ඇඳුම් ඒම ඇදලා ඉක්මනට ගෙදරින් එලියට ආවා.

ටේහි්‍යුන් කියලා තිබ්බ තැනට ගිය ජංකූක් ඊට පස්සේ ටේහි්‍යුන් එක්ක සෝල්වල ලස්සන තැන් හැම එකකම ඇවිද්දා.

දවල් වේගෙන එද්දි දෙන්නා කේබල් කාර් එකක පොඩි සවාරියක් ඒමත් ගියා..
ජංකුක් නං හැමවෙලාවෙම කැමරාව ඔන් කරගෙන වීඩියෝ කරනවා... ඒ අස්සෙ ටේහි්‍යුන් වත් කැමරාවට අහුකරගන්නවා..

ජංකුක් පොඩි ලමයෙක් වගේ වටේට කැරකි කැරකි දගලන හැටි දැක්කම ටේහි්‍යුන් ට නම් හොඳටම හිනා ගියා.
එයාට නොදැනිව ජංකූක් නිසා එයත් ගොඩක් සතුටු වෙලා.

ජංකුක්ගෙන් කැමරාව ඉල්ල ගත්ත ටේහි්‍යුන් ජංකූක් ගෙ ෆොටෝ ගහලා දුන්නා.. ඒ අතර ඒ දෙන්නා එකට සෙල්ෆි වගේකුත් ගන්න අමතක කලේ නෑ..

කේබල් කාර් එක ඇලක් උඩින් යද්දි වතුරට චුට්ටක් විතර බය ජංකූක් ඉක්මනට පැනලා ටේහි්‍යුන් ව බදා ගත්තා...ටේහි්‍යුන් ට නං ඒකටත් හිනා

දෙන්නා කොහොමහරි ඒ ගමන ගොඩක් සතුටින් හිටියේ.. ඒ අතර ටේහි්‍යුන් ඉක්මනට ජංකූක් ගෙ අතින් අල්ල ගත්තා..
එතනින් එහාට දෙන්නා පාරෙ යද්දි පවා ටේහි්‍යුන් ජංකූක් ගෙ අතින් අල්ලගෙනම තමයි එක්ක ගියේ.

.
.
.
.

" ඔ.... තව පැය බාගෙකින් ෆිල්ම් එකක් තීනෝ..." ෆෝන් එක බල බල හිටිය ජංකූක් ඉක්මනට ටේහි්‍යුන් දිහා බලලා කිව්වා.. දෙන්නා හිටියේ දවල් කෑම කාලා බීම එකකුත් බිබියී..

" ෆිල්ම්...??" ටේහි්‍යුන් පුදුමෙන් අහද්දි ජංකූක් වේගෙන් ඔලුව වනලා ෆෝන් එක ටේහි්‍යුන් දිහාවට හැරෙව්වා.

" මේ... ' පිචීගේ කතාව....' ඔයාගෙ ටෑන් වගේ නේද...." ජංකූක් එයා ආස උන ෆිල්ම් එක ටේහි්‍යුන් ට පෙන්නුවා.. ඒක ටේහි්‍යුන් ගෙ හුරතලා වගේ බලුපැටියෙක් ගැන තියන කතාවක්.

" වෝ...... ඒ වගේමනෙ.."

" ඒකනෙ.... මම නිකං කල්පනා කර කර ඉද්දි මේක දැක්කෙ.. එතකොට බලන්න ආස හිතුනා... " ජංකූක් ටේහි්‍යුන් ට උත්තර දුන්නෙ උජාරුවෙන්..

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now