05.

474 91 5
                                    

" සින්ඩරෙල්ලා - ආජී.... කුමාරයා චන් හූ...." කට්ටිය ඔක්කොම කතා වෙලා ඉස්කොලෙ ෆෙස්ටිවර් එකට නාට්‍යයක් කරන්න ලෑස්ති උනා.

ජින් නාට්‍යයේ චරිත වලට හරියන අයව තෝර තෝර බෝඩ් එකේ ලියන ගමනුයි සිටියේ.

ඒ අතර ජංකුක් නම් හිටියේ වෙනම සිහියක..
" හරි. පොඩ්ඩක් සංසුන් වෙමු.. හරියටම බලමු දැං මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා..." ජංකුක් සංයුක්ත ගනිත ගානක් හදන තරං බරපතල විදියට මුණ හදාගෙන කල්පනා කරන්න උනා.

පෑන අතට ගත්ත ජංකූක් සුදු කොලයක් අරං මොනාද ලියන්න පටන් ගත්තා.

" මං ජිමින්ට කැමති... හරි..... ඒත් ජිමින් ටේ හියුංග් ට කැමති..... හරි ඒකත් දැං කරන්න දෙයක් නෑ කියමුකෝ... " තොලුත් උල් කරං ඒම කිය කිය ජංකූක් කොලේ තුන් පැත්තක නම් තුන ලියලා ඊතල වලින් එයාලව යා කලා.

ඒත් ඒ එක්කම ජංකූක් ඉස්සරහා බැලුවම පේන ටේහියුංග්ව දැක්කම එයාට එකපාරටම දෙයක් මතක් උනා..
කොලේ දිහා බලපු ජංකූක් කල්පනා කලේ ඒකෙ ටේහියුංග් එයාට කැමති වෙන්න හදන එකත් අඳින්න ඕනද කියලයි.

" නෑඈ.... මට ඕනනෑ.." ජංකූක් ඔලුවත් වටේටම කරකව කරකව පිස්සුවෙන් වගේ දගලන්න ගත්තා.

" මට ඕන ටේහියුංග් ජිමින්ට කැමති වෙලා මේ ඔක්කොම හරියට විසදෙනවා දකින්න...." එක අතක් කම්මුලේ තියං තමන්ගෙ එහා පැත්තෙ ඉන්න ජිමින් දිහාත්, තමන්ගෙ ඉස්සරහා ඉන්න ටේහියුංග් දිහාත් බල බල ජංකූක් කල්පනා කලා.

" ඇයී මේක මේ තරං පැටලෙන්නෙ... ආ...." ජංකූක් තමන්ටම කියාගෙන තමන්ගෙම කොන්ඩෙන් ඇද ගද්දි ජින් හයියෙන් කෑ ගහනවා ඇහීලා ආපහු හොඳ සිහියට ඇවිත් පුටුවෙ හරියට ඉද ගත්තා.

" හරි ඒනං ඇඳුම් වල වැඩ ටික හිරකි, ඔසූයා යි අනිත් ගෑනු ළමයි ටිකයි...

ම්... කවුද පසුතල වැඩ ටික බලන්න කැමති........ "

ජින් අහද්දි එකපාරම ජිමින් අත උස්සනවා ජංකූක් දැක්කා...
එයාගෙ ඔලුවට ආවෙ එකම අදහසයි.

" ම්... මේක තමයි ජිමින්ටයි ටේහියුංග් ටයි එකට ඉන්න හම්බ වෙන චාන්ස් එක.. " ඒම හිතපු ජංකූක් ඉක්මනට ටේහියුංග් ට කතා කලා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now