17.

419 66 4
                                    


" ජංකූක්.. අනේ මේ බලන්නකෝ.. අනේ මට මේ සිතියම තේරෙන්නෑ නෙ...."
ජිමින් මුණත් ඇබුල් කරගෙන සිතියම් කොලය එහාටයි මෙහාටයි කර කර හොයනෝ.

ජංකූක් නම් සිතියමෙන් කලේ එයා ගාවට එන මැස්සන්ව එලවන එක.

" අනේඒ අනේ ජිමින්. මේ බලන්නකො. මගේ ඇඟේ මකුලුවෙක් ඉන්නවද..... යා...."

" කෝ කෝ. ඉන්නකෝ... "
ජංකූක් බය වෙලා කෑ ගහද්දි ජිමින් ඉක්මනට ජංකූක් ගෙ බෙල්ල හරියේ හිටිය පුංචි මකුලුවාව අරං දැම්මා.

.
.
.

ඔය විදිහට එදා වෙලාව ගෙවිලා ගියා. හැමෝම තම තමන්ට හම්බ උන කෑම ජාති අරං ඇවිත් රෑ කෑම හදන්න පටං ගත්තා.

ජංකූක් ජිමින් තමයි අන්තිමටම ඇවිත් තිබ්බෙ.
එයාලා එතකොට එයාලා දැක්කා කෑම ජාති හොයාගත්ත ප්‍රමාණ අනුව එයාලව වර්ග කරලා තියෙනවා.
ජංකූක් ටයි ජිමින්ටයි හම්බ උනේ ඒකෙ අන්තිම තැන.

.
.
.

ජංකුක් ජිමින් දෙන්නා අනිත් අයගෙන් ඈතට ගිහින් එයාලට හොයා ගන්න පුළුවන් උන කැරට් අල දෙක දිහා බලං ඉන්න උනා.

" අනේ මට නං බෑ.. මෙහෙම කෑම්ප් ආවෙ කැරට් කන්නද..."

" ජංකුක් ඔයා ඕම කෑ ගහනකොට වෙන්නෙ ඔයාගෙ බඩ කින්න වැඩි වෙන එක.
ඉන්නකො. මම මේ තියන ටීකෙන් හරි කෑමක් හදලා දෙන්නම්..."

ජංකූක් ගෙ ඇඩිල්ල බලං ඉන්න බැරිම තැන ජිමින් කැරට් අල දෙකත් අරං උයන තැනට ගියා

" ඔයා ඉස්කොලෙ කෑම හදන ක්ලබ් එකෙ ඉන්නව නේද.. ඒනං ඔයාට හොඳට උයන්න පුළුවන් වෙයි.."
ජංකූක් ජිමින්ව දිරිගන්වන්න ඒම කිව්වා.

" හ්ම්. බලමුකො... කැරට් වලින් විතරක් කෑමක් හදන පලවෙනි වතාව මේ..."
ජිමින් ඒම කිය කිය කැරට් ටික කපලා බාජනේකට දාන්න උනා.

ඔය අතර අනිත් අය නං එයාලට ලැබුන මස්, බිත්තර, එලවලු වලින් එක එක ව්‍යාංජන හදලා බත් උයාගෙන තිබ්බා.

ජංකූක් ජිමින් අන්තිමට කැරට් ටික තම්බලා පොඩි මල් වගේ කපලා පිඟන් වලට බෙදාගෙන හිටීයා.

.
.

" ම්... මේක රහයි ජිමින්..." ජංකූක් කැරට් කෑල්ලක් කන ගමන් කිව්වා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now