03.

555 107 0
                                    

ටේ හියුංග් කියන්නෙ වොලිබෝල් ටීම් එකේ දක්ශම ප්ලේයර් කෙනෙක්...
අදත් එයා පැක්ටිස් වලට ගියත් එයාගෙ හිතනම් තිබ්බෙ එතන නෙවෙයි. එආ කල්පනා කලේ රූෆ්ටොප් එකේදි ජංකුක් කියාගෙන ගිය දේවල්.

ටේහියුංග්ට මේක පුදුමයි. එයා කවදාවත් හිතුවෙ නෑ එයා ගැන හොර රහසේ හිතන කෙනෙක් ඇති කියලා.

කොච් හැමෝමට බොලයක් විසිකලේ හැමෝගෙම ෂූට් කරන ස්කිල් එක හොඳද බලන්න.. ටේහියුංග් වෙනම සිහියක ඉන්න බව දැක්ක කොච් නිසා පලවෙනි වතාවට ටේහියුංග්ට කොච්ගෙන් බැනුම් අහන්නත් උනා.

ඒ වගේම එයාගෙ යාලුවා හොසොක් පැක්ටිස් අතරෙදි ටේහියුංග් ගාවට ඇවිත් ඇහුවෙ අවුලක්ද කියලා.

" ම්.. නෑ ඒම මුකුත් නෑ..." ටේහියුංග් ඒම කියලා අහක බලා ගත්තත් හොසොක්ට නං ටේහියුංග්ගේ වෙනසක් දැනුනා.


.
.
.

එදා පැක්ටිස් ඉවර වෙලා ටේහියුංග් හිමින් ගෙදර යන ගමන් හිටියේ... ටික වෙලාවකින් එයාව පහුකරගෙන බයිසිකලෙත් පැදගෙන ගියේ යුංගි..
යුංගි යන දිහා බලං හිටිය ටේහියුංග්ට එකපාරටම අදහසක් ආවා.

" ඔ..... ඔහොම ඉන්න......." ටේහියුංග් කෑ ගහගෙන යුංගිගෙ පස්සෙන් දිව්වා. එකපාර කෑ ගහගෙන එන ටේහියුංග්ව දැක්කම බයටම යුංගි කලින්ට වඩා වේගෙන් බයිසිකලේ පදින්න ගත්තා.

ටේහියුංග් ගොඩක් උසයි. ඉතින් එයාට වේගෙන් දුවන්න පුළුවන්.. කොල්ලා පස්සෙන්ම දුවගෙන ඇවිත් කොහොම හරි යුංගිව නතර කරගත්තා.

" යා..... ටේහියුංග්... මොනවද ඕයි මම හොඳටම බය උනා..." යුංගි කෑ ගැහුවෙ තමන් ඉස්සරහා හති අරින ටේයොංග් දිහා අමනාපෙන් වගේ බලමිනුයි.

" නෑ... ඉ.. න්.. න.... ම.. ට.... දෙය...ක්...දැ..න... ග... න්න.... ඕ.. න..." ටේහියුංග් දණහිස් අල්ලං හුස්ම ගන්න ගමන් අමාරුවෙන් කිව්වා..

" ම්.... මොකක්ද..... " යුංගි බයිසිකලේ ඉදම්ම ඇහුවා.

" ජංකූක්.... ජංකුක් කොයිවගේ කෙනෙක් ද....." ටේහියුංග් ඔලුව උස්සලා යුංගි දිහා බලලා ඇහුවා

යුංගි නම් පුදුම උනා.
" ඈ...... "

" ඔයා ජංකුක් ගෙ යාලුවා නේද...." ටේහියුංග් දණහිස් වලින් අත් අරං කෙලින් වෙන ගමන් ඇහුවා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now