28.

292 44 2
                                    


ටේහි්‍යුන් ඉස්කොලෙන් ගියාට පස්සේත් ක්ලාස් එකේ අය පන්තිය සරසන එක දිගටම කරගෙන ගියා..

ඔය අතර ජංකූක් දැක්කා ජිමින් පැත්තක ඉදගෙන එලිය බලාගෙන ඉන්නවා. ඉතින් ජංකූක් හිමින් සැරේ ජිමින් ගාවට ගියා.

" ජ්.. ජිමින්.. මොකෝ උනේ... ඒයි.. මොකද මේ අඩන්නෙ...." ජංකූක් ලගට යද්දි තමයි දැක්කෙ ජිමින් අඩලා.. ඒ ඇස් වල කදුලු පිරිලා තිබ්බා.

" අනී... මුකුත් නෑ අප්පා..... මේ නිකං...."

" යා.. බොරු නොකියා කියන්නකෝ ඉතින්.... ආ... අරකද... ඇයි තාම යුංගි ඒක දැක්කෙ නැද්ද... "

ජංකුක් වටපිට බලනකොට දැක්කෙ ලස්සන කවරෙක දාලා යුංගිගෙ බෑග් එක තිබ්බ ලගම තියලා තිබ්බ ජිමින්ගෙ කප් කේක් එක...

ඒත් ජිමින් නම් කලේ ඔලුව දෙපැත්තට වනලා නෑ කියන එක.

" ඒනං.. මොකක්ද උනේ.... "

" යුංගී හ්යුංග් ගෙදර හදන කෑම හැර වෙන ඒවා කන්නෑලු..... "

" මො...???"

" හ්ම්.... අර කේක් බෙද බෙද ගිය ගෑනු ලමයාට ඒම කියලා එපාය කිව්වා... මං අහන් හිටියා... අපරාදෙ කුක් මගේ මහන්සිය... අඩුම ඔයාවත් ටේහි්‍යුන් ට කේක් එක දෙන්න...."

ජිමින් මැලවුන රෝස මල වගේ බිම බලාගෙන පන්තියෙන් එලියට ගියා... ජංකූක් ඔහේ බලාගෙන හිටියා.. ජිමින් කිව්වා වගේ කේක් එක දෙන්න....??.
ඒත් දැං මොනා කරන්නද.... ජංකූක් ලොකු හුස්මක් අරං ආපහු බොරු හිනාවක් මවාගෙන පන්තිය සරසන වැඩේට උදව් කරන්න යන්න නැගිට්ටා...

.
.
.
.
.
.
.

ඔය අතර ටේහි්‍යුන් ලා බස් එකක වගේ දුර තිබ්බ ස්ටේඩියම් එකට ඇවිත් ඒක ඇතුලට යන්නයි හැදුවෙ... ඒත් හැමෝම ගිහින් වෙනුයි චේයි හොසොකුයි යන්න කලින් ටේහි්‍යුන් එයාලට කතා කරලා පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා.

" මේ... මම කිව්වෙ එදා.... මමයි ජංකූකුයි අතර ඒම කිසිම සම්බන්ධයක් නෑ... මම ඒක එදා බොරුවට කිව්වෙ... අපි... එදා මේ විහිළුවකට ඒම අත් අල්ලගෙන ගියේ.......

මට ඕනනෑ මං කියපු බොරු නිසා ජංකූක්ට අවුලක් වෙනවට.. ඒකයි මම මේක ඔයාලට කියන්න ඕන කියල හිතුවෙ...."

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now