07.

416 86 2
                                    


ජංකූක් ගෙදර ඇවිත් නානගමනුයි හිටියේ.. ඒ අතර තුරත් එයාට මතක් උනේ ටේ හියුංග් එයා කතා කරනකොට එයා දිහා බලං ඉන්න විදිහ..
එයා අද ජංකූක් ගෙ ඔලුව අතගාලා ගිය විදිහ..

" නෑනෑ.. මොකටද මම ඒක මතක් කරන්නෙ.." ජංකූක් ඔලුව දෙපැත්තට ගසලා ඒක අමතක කරලා ආපහු ෂැම්පු එක අරං ඔලුවට ටිකක් හලා ගත්තා.

ආපහු මතක් උනේ පාරෙ එනකොට ටේ හියුංග් එයාට ආදරයෙන් කතා කල හැටි...
" ඔයා හරිම කරුණාවන්තයි.." ටේ හියුංග් ජංකූක් ට ඒක කිව්ව විදිහ ජංකූක් ගෙ කන් වල දෝංකාර දෙන්න උනා.

" ආශ්.. ඇයි මට මේම හිතෙන්නෙ...." ජංකූක් ආපහු පියවි සිහියට එනගමන් කල්පනා කලා.

" යා.. මේ පපුව ගැහෙන එක ඇයි මෙච්චර හයියෙන් වෙන්නෙ... මොකක්ද මේ කරදරේ.. නිකං හරි මම මේම විහිලුවට ගිහින් ඇත්තටම එයාට කැමති වෙන්න අරංද... හෑ... නෑනෑ. ඒක නං වෙන්න බෑ.." ජංකුක් තමන්ටම කියා ගන්න ගමන් මුණත් බෙරි කරං ඔලුව පිරෙන්නම පෙන එනකං ෂැම්පු ගාන්න උනා.

" යා.. මොනවද මම මේ හිතෙන්නෙ.. " ජංකූක් එකපාරටම තමන් ඉස්සරහා තියෙන කන්නාඩිය දිහා බලං කල්පනා කලා.. ඒ එක්කම එයා තමන් ගැනම තියන කේන්තියට හයියෙන් කෑ ගැහුවත් ඊලග විනාඩියෙදි ඇහුනෙ ජංකූක් ගෙ ඔම්මාගෙ කටහඩ.

" යා. ජංකූක් කෑ ගහන්න එපා
වටේපිටේ මිනිස්සුගෙන් බැනුම් අහන්න වෙයි..." ඔම්මා එලියෙ ඉදං හයියෙන් කියද්දි ජංකූක් ට ආපහු කේන්ති ගියා. අඩුම එයාට කෑ ගන්නවත් මේ ලොකෙ නිදහසක් නැති හැටි.

.
.
.
.

.



ඊලග දවස උදා වෙලා තිබ්බා. ඒ තමයි හැමෝම බලං හිටිය කොලේජ් එකේ ෆෙස්ටිවර් ඩේ එක.. කොලේජ් ගේට් එකේ ඉදං ඇතූලට එනකංම බැලුම් බෝල පෝස්ටර් කටවුට් වලින් සරසලා.... හැමෝම සතුටින් එහෙ මෙහෙ දුවනවා.. ඒත් එක කට්ටියක් නම් හොඳටම අව්ල් වෙලයි හිටියේ..

.
.

" ලමයි මේ අහන්න. අසුබ ආරංචියක්... අපේ නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකටම උණයි හෙම්බිරිස්සාවයි හැදීලා..." ජින් පන්තිය ඉස්සරහා හිටගෙන කියද්දි හැමෝගෙම ඇස් ලොකු උනා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now