13.

390 65 2
                                    


" ටේ හියුංග්... ටේහි්‍යුන් ගෙන් පරිස්සං වෙයං.... එයා... එයා ඔයාට මරණ තර්ජනයක් වෙන්ද කොහෙද යන්නෙ......"

යුංගි බය වෙලා කියද්දි ජංකූක් උඩ බිම බැලුවෙ මේ මොනවද කියන්නෙ කියලා එයාට තේරුනේ නැති නිසයි.

"  යා.... ඒම දෙයක් නෙවෙයි මෝඩයෝ.... මේකයි උනේ......"

.
.
.
.

ජංකුක් යුංගිට වෙච්චි කතාව සරලව කියාගෙන ගියා. සරලව කිව්වෙ ගොඩක් කොටස් නැතිවයි.

" ම්.. ඒ කියන්නේ මෙතන උනේ මේකයි... ඔයා ටේහි්‍යුන්ගෙ නම ගහලා තිබ්බ ඒ මකනෙ ඒ ගෑනු ලමයාගෙන් ගත්තා.  කොහොමහරි ටේහි්‍යුන් ඒක දැක්කා.... " යුංගි කල්පනා කර කර ඒම කියන ගමන් ඇවිත් ජංකුක් ගාවින් වාඩි උනා.

දෙන්නම කැෆටේරියා එක හරියේ තියන බීම මැශින් එක ගාව තමයි හිටියේ.

" ආ... " යුංගි එයා ගෙනාව බීම ටින් එකක් ජංකුක් අතටත් දුන්නා.

" ම්.... සොරි මං මේක කිව්වෙ නැතිවට.. "

" හරි හරි ඒකට දැං කමක්නෑ..... දැං මොකක්ද කරන්න ඉන්නෙ..."

" ටේහි්‍යුන් ගොඩක් හොඳ කෙනෙක්. එයා ඒ ගැන ගොඩක් බරපතල විදියට හිතනවා ඇති දැං..."

" ඒක තමයි... ඉතිං ටේහි්‍යුන් ට ඇත්ත කිව්ව නම් නරකද ආ...."

" බෑඈ....." ජංකුක් එකපාරම කෑ ගහගෙන නැගීට්ටා.

" හ්හා..." යුංගිත් බය උනා ජංකුක් ගෙ මේ කලබලේට.

" ඉතින් දෙන්නගෙම තියන්නෙ වැරදි වැටහීමක් නිසා ඕක කියලා සමාව ගමු. ඉවරනෙ.. "

" අනො මට බෑ...... ඒක නං කීයටවත් කරන්නෑ මම"
ජංකුක් මුරණ්ඩු වෙලා ඒම කියද්දි යුංගිත් ඉදන් හිටිය තැනින් නැගිට්ටා.

" ම්.. යං. මාත් ඔයා එක්ක එන්නම්.." යුංගි ජංකුක් ගෙ අතෙන් අදින්න ගද්දි ජංකුක් බෑ කියලා කෑ ගහන්න උනා.

" අනේ යුංගි බෑ.. ඕම ඉන්නකො.. අනේ.... " ජංකුක් කොච්චර කෑ ගැහුවත් යුංගි එයාව ටේහි්‍යුන් ගාවට එක්කගෙන ගියා.

.
.
.

" හරි. දැං ඔයාට තේරෙනව නෙ. මෙතන තියෙන්නෙ වැරදි වැටහීමක්.. ජංකුක් ඔයාට කැමැති නෑ... ඒක උනේ මම කිව්ව විදිහට..." යුංගි ටේහි්‍යුන් ට ඔක්කොම කියං යද්දි ජංකුක් නම් හිටියේ බිම බලාගෙන.. එයාට මේක ගැන සතුටක් නම් තිබ්බෙ නෑ.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now