22.

315 54 2
                                    

" මොකක්ද මතක් උනේ... ඇයි මට එන්න කිව්වෙ....." යුංගිගෙ මැසේජ් එක දැක්ක ගමන් ජංකූක් යුංගි හොයාගෙන දුවගෙන ආවා.

" ආ... ජිමින්... මට මතක විදියට පලවෙනි අවුරුද්දෙ ජිමින් හැමෝටම වදයක් උනා.. ආ නැද්ද...... මට ඒ වගේ මතක.........."

යුංගි කියාගෙන යන එක නතර උනේ එයාලගෙ ඉස්සරහාට ජිමින් ආව නිසයි..

ජංකුක් ට කරකියා ගන්න දෙයක් නැති උනා...... ජිමින්ට ඇහුනාද ඒවා.
ඒම උනොත් ජිමින් ආපහු අවුල් ගනී.

.
.
.
.

ඒත් ජිමින් ජංකුක්ලාව පහුකරං ටිකක් ඇවිදං ගිය නිසා ජංකුක් ගෙ හිතට ටිකක් සැනසීම දැනුනා.

" මං කවදාවත් බැන්නත් කෙලින්ම බැන්නා...... හැංගි හැංගි මගේ වැරදි කියන්න ලැජ්ජ නැද්ද මහලොකු හියුංග්......"

ජිමින් ගෙ කටහඩ එකපාර හයියෙන් ඇහුන නිසා ජංකුක් ඒ පැත්තට හැරෙද්දි ජිමිනුත් එයාලා දිහා බලං ඇස් දෙකත් රතු කරං ඉන්නවා.

" හ්හා... මං කොයිවෙලේද තමුන්ගෙ වැරදි ගැන කිව්වෙ ආ... "
යුංගි ඒම කියාගෙන ජිමින්ගෙ පැත්තට අඩියක් තියද්දි ජංකුක් කලබල උනා.

" එතකොට මං ද මෙතන බොරු කියන්නෙ ආ...."  ඒ ජිමින්.. ජිමින් ඒම කියාගෙන අත්දෙකත් පපුවට බැදගෙන යුංගි ගාවට අඩියක් තිබ්බා.

" හ්. මම ඉතින් ඒවා දන්නෑ. කොහොමත් තමුන් හැමවෙලාවෙම ඇත්ත කියන කෙනෙක් ද කියලා දන්නෙ තමුන්මනෙ....."

" මොනවද ඔහේ කියන්නෙ....."

ජිමින් යුංගිටත් යුංගි ජිමින්ටත් කෑ ගහගෙන යද්දි ජංකුක් ට තවත් බලං ඉන්න නම් බැරි උනා..

ඉක්මනට දෙන්නා මැද්දට ආව ජංකුක් අත් දෙකෙන් දෙන්නාව ඈත් කලා.

" ඔය ඇති...... "

" පැත්තකට යනවා.... " ජංකුක් දෙන්නාව බේරන්න හැදුවත් අන්තිමට දෙන්නාම එකපාරම ජංකුක් ට ඒම කියද්දි එයාටත් කරකියා ගන්න දෙයක් නැතිව ගියා.

" මං යනවා....." ජිමින් එකපාරම ඒම කියලා ගස්සගෙන එතනින් යන්න ගියේ ජංකුක් අතත් දික් කරගෙන එයාව නතර කරන්න උත්සාහ කරද්දියි.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now