12.

406 76 1
                                    


' දෙවියනේ. අන්තිමට ඒ කියන්නේ ටේහි්‍යුන්යි මායි කාමරේ තනියම...' ජංකුක් එකපාරම ටේහි්‍යුන් දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙනයි.

" මං..මං තනියම..." ජංකුක් තමන්ටම කියා ගන්න ගමන් ගැස්සීලා ගියේ ටේහි්‍යුන්ගෙ බලුපැටියත් එයා දිහා ඇස් ලොකු කරං බලං ඉන්නවා දැකලයි.

"ඔ.. ඔයා ඇයි දගලන්නෙ. මොකක් හරි තේරෙන්නැද්ද..." ටේහි්‍යුන් එකපාරම එයා කියව කියව හිටිය පොත පැත්තක තියලා ජංකුක් දිහා බැලුවා.

ජංකුක් ට දැන් කියා ගන්න දෙයක් තේරෙන්නෑ. හිමින් ඔලුව පිටිපස්ස අතගෑව ජංකුක් එයා කරමින් හිටිය පාඩමේ අන්තිම හරියේ ගානක් ටේහි්‍යුන් ට පෙන්නුවා.

ටේහි්‍යුන් ඉක්මනට පොත ගාවට කිට්ටු වෙලා ගාන කියා දෙන්න උනත් ජංකුක් නම් හිටියේ වෙනයම ලොකෙක. ටේහි්‍යුන් නොදැනුවත්ව හරි එයාගෙ මුණ ගාවටම ඇවිත්... ජංකූක් ඒ දිහා ඇස් ලොකු කරගෙන ඔහො බලාගෙන හිටියා.

" ඔ. ඔයා අහගෙන නෙවෙයි ඉන්නෙ.."

" ඔ.. ස්සමාවෙන්න..." ටේහි්‍යුන් එකපාරම ජංකූක් දිහා බලලා අහද්දි ජංකුක්ගෙ මුණ ටේහි්‍යුන් ගෙ මුණෙ වදින ගානට ආව නිසා ජංකුක් බය වෙලා ඉක්මනට නැගිට්ටා.

" ආ.. ඔයා අවංකයිනෙ.. අහන් හිටියේ නැත්තං අහන් හිටියේ නෑ කියලා කියනවා.." ටේහි්‍යුන්ගෙ මුණෙ ලාවට හිනාවක් ඇදුනා.

" ම් මේ.. මං... ආශ්.. මාව විහිලුවට ගන්න එපා.. මං. මේ.... අව්ලෙන් ඉන්නෙ..."

" මො.. ඒ මොකටද ආ.."

" යා.. ඒ මොකටද අහන්නෙ.... මං.. මං ඔයාට කැමති කියලත් කියලා තියෙනවනෙ..... කොහොමද මුකුත් උනේ නෑ වගේ හැසිරෙන්නේ ආ.. "
ජංකුක් තොල් දෙකත් කනපිට හරවං ටේහි්‍යුන්ගෙන් අහන ගමන් අහක බලාගත්තා.

" ඔ.. ඔයා කියන්න එපා ඔයාට ඒක අමතකයි කියල නම්.. "
ජංකුක් එකපාරම කලබල වෙලා ටේහි්‍යුන් දිහාවට හැරුනා.

" ඔ.. නෑනෑ. ඇත්තටම මම මේ ටිකේම ඔයා ගැන හිතන ගමනුයි හිටියේ.... " ටේහි්‍යුන් වැඩිය හිතන්නැතිව කිවත් ජංකූක් ඒකට බය වෙච්චි පාර ඉදං හිටිය තැනිනුත් නැගිට්ටා..

නැගිටලා ගිහින් ටේහි්‍යුන් ගෙ කාමරේ ජනේලේ තියන කර්ට්න් එක අස්සෙ හැංගිලා මුණ විතරක් එලියට දැම්මා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now