23.

336 56 1
                                    

කලුවර වැටෙන වෙලාවෙ ජිමිනුයි යුංගියි පාරෙ ඇවිදගෙන යන ගමනුයි හිටියේ..
ජිමින්ගෙ කොන්ඩෙ ලොකු වෙනසක් තිබුනෙ නෑ. එයා කොන්ඩෙ අයන් කරලා දැං වෙනදාටත් වඩා ලස්සන වෙලා තිබුනා.

.
.
.

ජිමින් ඉස්කොලෙන් ගිහින් කියලා දැන ගත්තම යුංගිටත් මැසේජ් එදදා දාලම ජංකුක් ජිමින් යන සැලුන් එක හොයං ගියා..

ජිමින් එතන එලියේ වාඩි වෙලා ඉන්නවා දැක්කම ජංකුක් ගිහින් එයාව කොහොමහරි නතර කරන්න හැදුවත් එයාට ඒක කරන්න පුළුවන් උනේ නෑ. ඒත් යුංගි... එකපාරම එතනට යුංගි ආවෙ ජංකුක් වගේම ජිමිනුත් පුදුම කරමිනුයි.

යුංගි එපා කියලා කියපු එකපාරින්ම ජිමින් එයාගෙ අපොයින්මන්ට් එකේන් කොන්ඩෙ අයන් කරගෙන විතරක් එන්න තීරණේ කලා.

යුංගිටත් ජිමින්ටත් එකට ඉන්න පොඩි වෙලාවක් හරි වෙන් කරන්න ඕන නිසා ජංකුක් හිමින් එතනින් යන්න උනා.

ඔය විදිහට තමා අන්තිමට ජිමින්ව එයාගෙ බස් එකට දාන තැනට එනකං යුංගි එයා එක්ක එන්න තීරණේ කලේ.

.
.
.

දෙන්නා අතර තිබුන නිහැඩියාව බින්දෙ යුංගි.

" ඔයා දැං නිකං බෝනික්කෙක් වගේ..." යුංගි ජිමින් දිහා බලං ඒම කියද්දි ජිමින් අත් දෙකෙන්ම එයාගෙ කොන්ඩෙ වහ ගත්තා.
යුංගිට නං ඒකටත් හිනා.

ටිකක් දුර ගිහින් යුංගි එතන නතර උනා.

" මට මතකයි අපි ගිය අවුරුද්දේ ඉදලා ටිකක් ටිකක් කතා කලා.... ඒත්.... මං කවදාවත් හිතලා නෑ ජිමින්, ඔයා එක්ක මට මේම ඇවිදන් යන්න පුළුවන් වේවී කියලා.....

ඇත්තටම කියනවා නම්....... මං ඔයාට ගොඩක් කැමතියි... ඒත්... ඒත් ඒ හොඳ යාලුවෙක් විදියට........ ඔයා ඇත්තටම ගොඩක් හොඳයි...... " යුංගි හිමින් හිමින් කියාගෙන යද්දි ජිමින් ඇස් දෙකත් දල්වගෙන බලාගෙන හිටියා..

එයා හිනා උනා.... අඩුම එයාගෙ යුංගි හියුංග් එයාට යාලුවෙක් විදියට හරි කැමතියි කියලා දැන ගත්තම....
යුංගි බායි කියලා එයාට ප්‍රතිවිරුද්ධ පැත්තට යනවත් එයා බලං හිටියා. ඒත් එයා එක තැනක හිර වෙලා හිටියේ..

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now