100

1.3K 28 3
                                    

#දුඹුරු_සඳ_100 

____________🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪_

“මාව බයනොකර කතාකරනවා.මගෙ අතින් තුවාලයක්වත් පෑරුණාද ආහ්?

නැත්තම් කොහෙහරි වැදුණද? රිදෙනවද?”

ආග්න විමසන්නේ කලබලයෙන් ඇයව පිරික්සමින්.

“ඇයි මාව මග අරින්නේ...”

නමුත් හයියෙන්ම ඉකි ගසාගෙන විණාරා සයනය මත වාඩිවීගෙන හුන් ආග්නගේ ඔඩොක්කුවෙහි හිස තබාගත්තේ දෑතම ආග්නගේ ඉණ දෙපසින් යවා ඔහුව වැළඳගනිමින්.

____________🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪_

ඉඳින් ආග්නගේ කලබලය එක් තප්පරයකට අමතකව ගියේ ඈ මුවින් පිටවූයේ කිසිසේත්ම නොසිතුව කාරණාවක් වෙද්දී. මොහොතකට ආග්නගේ මුවෙහි සිහින්ව ඇඳී මැකී ගිය සිනහවට හේතු කුමක්දැයි තිර ලෙස පැවසිය නොහැකි වූවත්. නමුදු තමා දෙස කෙලින් බලන්නට පව බියවූ විණාරාගෙන් දැන් දැන් දක්නට ලැබෙනා ඇතැම් හැසිරීම් ආග්නගේ සිතට ගෙන එන්නේම අමුතු හැඟීමක්.

'තමුසෙ මෙහෙම හිතුවක්කාරවෙනකොට කියුට් කියල හිතෙන්නෙ ඇයි මට?'

ක්ෂණිකව ආග්නගේ හිත තුළ පැනනැගුණ පැනය එවැන්නක්. නමුදු ඊළඟ මොහොතේ ආග්නගේ ආග්නගේ සිත සිතුවිලි වලින් මිදී යන්නට වූයේ විණාරා ජීවිතය අතහැර දමන්නට ගත් තීරණය සිහිවද්දී.

"අයින් වෙනවා…"

ආග්නගේ මුවින් තමා බලාපොරොත්තු නොවූ වදනක් පිටවද්දී විණාරා හිතින් ගොලුව ගියේ එක් තත්පරයකට.

"සැරයක් කීවම අයින් වෙනවා!"

ඒ වන විටත් කෝපය පාලනය කර ගැනීමේ ස්ථර කිහිපයක්ම පසුකර හුන් ආග්නගේ හඬෙහි ගැබ්ව තිබූ කෝපය විණාරාගේ සිතට ගෙන ආයේම තිගැස්මක්. නමුදු අවැසි නෑ ඇයට ඔහුගෙන් මිදෙන්නට. හුන් ඉරියව්වෙන්ම නොසෙල්වී හුන් විණාරාගේ ඉරියව් ආග්නගේ සිත පුරවා දැමුවේ කෝපයට සමාන්තරවම වෙනත් නොතේරෙණ හැඟුමකින්.

"හ්හ්"

ආග්න විණාරාගේ උරහිස් වලින් අල්වා ඇයව සයනය මතට දැමුවේ සෙමෙන්. එම ස්පර්ෂය මෘදුත් නොවූ රළුත් නොවූවක් වූයේ ආග්න ඇයගේ තුවාල පිළිබඳව වදවූ නිසාවෙන්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now