118

338 20 0
                                    

#දුඹුරු_සඳ_118
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙
🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

සියලු චාරිත්‍ර අවසන් කර නෑදෑ විණාරා කුටියට පැමිණියේ දැඩි තෙහෙට්ටුවක් දැනෙද්දී. දිය නෑමෙන් අනතුරුව බෆ් පැහැ සාරියකින් සැරසී සූදානම් වූ විණාරා කුටියෙහි දොර විවර කළේ සැරසුණේ තූර්වී සහ පීහුව සොයා යන්නට.

"ආහ් මහරැජිණ..."

නමුත් කොරිඩෝවේ ඈත සිට තමා දෙසට ඇවිදන් එන සායිරාගේ ඇමතුමට විණාරාට දැනුණේ තිගැස්මක්.

"මහරැජිණගෙ නැන්දම්මා මේක දෙන්න කීවා."

උත්සවයට පසුව පැමිණි අමුත්තෙක් විණාරාට දුන් ත්‍යාගයක් අත තබාන හුන් ආග්නගේ මව එය විණාරාට ගෙනිහින් දෙන්නටයි කියා දුන්නේ සායිරා අතට. ඉඳින් ආග්න, තූර්වී, පීහු, විණාරා, ආද්නව්, රොවේන් වන් කීප දෙනෙකු හැරෙන්නට සායිරාගේ සැබෑ මුහුණ කිසිවකු නොදන්නක්.

"හ්හ්"

විණාරාගේ උරහිසක වැදීගෙනම අනවසරයෙන්ම සායිරා පිවිසියේ ආග්නගේත් විණාරාගේත් කුටිය තුළට. විණාරා කුටිය තුළට නොගොස්ම දොරත් අල්වාන දොරකඩ හිටගෙන උන්නේ සායිරා හා තනිවීම නුවණට හුරු නොවන බව දැනෙද්දී.

'මේ මට අයිති වෙන්න තිබ්බ දේවල් විණාරා...
ආග්න...මේ කාමරේ...මේ ඇඳ... හැමදේම මං ගන්නවමයි...

ආගු භායි මගේ.. එයාගෙ හැමදේමත් මගේ!'

ඉඳින් ඒ විසල් සුඛෝපභෝගී කුටියට අනවසරයෙන්ම හෝ ආග්නට හොරෙන් දෙතුන් වතාවකට වඩා ඇතුළු නොවී තිබූ සායිරාට ඔහු තුරුළෙහි නිදන, ඔහු අබියස දැවටෙන්නට නිරන්තරයෙන්ම ඉඩ ලැබෙනා විණාරා පිළිබඳ වූ වෛරය, ඊර්ෂ්‍යාව ඉහළ ගියේ බිඳෙන් බිඳ.

"ඇයි තමු'සෙ ඔතන හිටගෙන. ඇතුළට එන්න බයද?"

ඒ සුවිශාල කුටියේ එක් මුල්ලක වූ කවිච්චියත්, ඒ මුල්ලත් වැහෙන්නම තිබුණේ විණාරාට හමුවූ ත්‍යාග. ඒ සියල්ල නෙත ගැටෙද්දී සිදුවූයේ සායිරාගේ හිතට තව තවත් ඊර්ෂ්‍යාව පිරීයාම.

"ළඟට වඩම්මන් ඇවිත් මම මේක අල්ලන් ඉන්නත් ඕනෙද? ගන්නවා මේ මගු'ල."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Tempat cerita menjadi hidup. Temukan sekarang