134

279 16 0
                                    

#දුඹුරු_සඳ_134 

_____🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪_

කුටියට ඇතුළුවද්දීම ආග්න දුටුවේ ඔහු දුරකතන අතැතිව බියෙන් ත්‍රස්තව හිඳිනා විණාරාව.

“විණාරා… ඇයි මේ?”

විණාරාගේ මුහුණේ බියපත් ඉරියව් නෙත ගැටෙද්දී ආග්නට දැනුණේ බියක්. ඈ හුස්ම ගන්නා රිද්මය පවා වේගවත්ව ගොසින්.

“ම්..මේ…ෆෝන්.. එකට”

ආග්න අඩියට දෙකට ඈ අසලට විත් ඈ උරහිස මත අතක් තබද්දී විණාරාට දැනුණේ යම් සහනයක්.

“ෂ්… බයවෙන්න එපා… මොකද වුණේ ම්ම්?”

ආග්න ඇයව අස්වසාලමින් විණාරාගේ උරහිස පිරිමදින්නට වූයේ මෘදුව. දැඩිව බියපත්ව හුන් විණාරා දෙවරක් නොහිතාම ආග්නගේ ළයට ගුලිවූයේ ආග්නව බිඳකට ගල් ගැසී යද්දී.

ඉඳින් ඇයම මෙසේ තමාට ළංවද්දී සිතෙහි වූ අනෙක් හැම හැඟීමක්ම වියැකී යද්දී එක් තත්පරයකට ඔහුට දැනෙන්නට වූයේ කියාගත නොහැකි තරමේ අමුතු සතුටක් පිරුණු හැඟුමක්.

“බයවෙන්න එපා විණාරා…මං මෙතනම ඉන්නවා…”

එක් අතක තමාගේ දුරකතනය ගුලි කරගෙන එම අතත්, අනෙක් අතත් ආග්නගේ ළය මතට ගුලිකරගෙන විණාරා මුහුණ තව තවත් සඟවාගත්තේ ඔහුගේ ළය මත්තේ.

මෘදුව නැහැස් පුඩු තුළට රිංගනා ඔහුගේ වතින් හමනා විලවුන් සුවඳ ඉතා හුරු පුරුදුව හදවතට දැනුණේම. ඉඳින් ඔහු සුවඳ, තම බඳ වටා එතී ඇති ඔහු දෑත්වල ස්පර්ශය, ඔහු උණුහුම ඇයටත් නොදැනීම ඇගේ අමතක මතක වල හුරු හැඟීමක් ඇයට දනවද්දී විණාරා සන්සුන් වන්නට ගත්තේ ඉබේම.

“මොකද වුණේ…”

තත්පරරෙන් තත්පරය ගෙවී යද්දී ඔහුට දැනුණේ බියෙන් ගැහෙමින් හුන් ඈ කෙමෙන් කෙමෙන් සන්සුන් වන අයුරු. ඔහු ළයට දැනුණු ඈ වේගවත් හදගැස්මත්, වේගවත් ආශ්වාස ප්‍රාශ්වාසයනුත් සන්සුන්ව යන අයුරු.

“ම්ම්…?”

ආග්න විමසන්නට වුයේ විණාරා හෙමිහිට ඔහු තුරුළේ හිඳගෙනම ඒ උවන ඔසවා ඔහු දෙස බලද්දී. ඈ සම්පූර්ණයෙන්ම වාගේ සන්සුන්ව හුන් නිසාවෙන් මොහොතකට පෙර තමා ආග්නව වැළඳගත් අයුරු සිහිවද්දී විණාරාට දැනුණේ සියුම් ලැජ්ජාවක්. කෙතරම් හුරු බවක් දැනුනද අමතක ඔහුට ළං වන්නට විණාරාට දැනෙන්නේ චකිතයක්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now