138

278 13 0
                                    

#දුඹුරු_සඳ_138

🌙🤎___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

කිසිත් නොපවසාම විණාරා හෙමිහිට ආග්නගේ හිසකේ පිසදමන්නට වූයේ විටින් විට එක් අතක අතැඟිලි වලින් ඔහු හිසකේ තෙතදැයි අවුස්සා බලමින්.

දෑස් පියාගෙනම ඔහු හිඳින්නේ නිහඬව. ඔහුගේ ඒ නිහඬබව විණාරාට දැනුණේ සියුම් වේදනාවක් විලසට. දැනෙන්නේ දෑස් පියාන ඉන්නන් වාලේ හිඳිනා ඔහු ළයෙන් විටින් විට ගිලිහෙණා ගැඹුරු හුස්මන් විත් ඈ ළය මත තැවරෙන වගක්. ඉඳින් ඒ බරැති හුස්මන්, ඔහු තමාගෙන් දෑස් සඟවාගන්නට දරන උත්සහය, ඒ නිහඬ බව ඇයට කියාපෑවේම ඔහු කුමක් හෝ ප්‍රශ්නයක හිඳිනා බවක්.

"ආ..ග්..න.."

මිනිත්තු ගණනාවක් තිස්සේම කල්පනාවක නිරතව ඔහු හිසකේ පිසදමමින් හුන් විණාරා අවසන හඬ විවර කළේ ඔහු හෙමිහිට දෑස් හරිද්දී. ඇයි කියා ඔහු දෑසින් විමසද්දී විණාරා වදන් ඇහිඳින්නට වූයේ ඔහු හිස මතින් දෑත් නොගෙනම.

"ඔ..යා..."

"ම්ම්.."

"මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?"

ඈ එක්වරම එලෙස විමසද්දී ආග්නගේ දෑස් තිගැස්සී ගියේ ඉබේම.

"ඇයි එහෙම අහන්නේ?"

විණාරාගේ දෙනෙතෙහි වූයේ නිරීක්ෂණශීලී බැල්මක්. නමුදු ආග්න හැකිතරම් උත්සහ කළේ තම හැඟීම් ඒ බැල්මට නිරාවරණය නොකර හිඳින්නට.

"උත්තරයක් දෙන්න ආග්න..."

ඉඳින් දැනුණේ ඔහු තම පැනය මගහරින්නට තැත් කරනා වගක්.

"එහෙම ප්‍රශ්නයක් නැහැ විණාරා... ඇයි ඔයා එහෙම අහන්නේ ම්?"

ඉඳින් ඔහු විමසන්නේ ඇය එසේ විමසන්නේ කුමක් නිසාදැයි සිතට කුතුහලයක් දැනෙද්දී.

"ඔයා අමුතුයි... උදේ ඉඳන්ම!"

එක එල්ලයේම ඔහු දෑස් මත්තේ තම බැල්ම තබාන ඈ පවසන්නේ කිසිදු පසුබෑමක් නොමැතිවම.

"හෙඩේක් එක නිසා ඔයාට එහෙම දැනෙන්න ඇති විණාරා...මට කිසි ප්‍රශ්නයක් නෑ ඕකේ.."

ඔහුගේ ස්වරයෙහි වූයේම ඇයව අස්වසාලන්නට තැත් කරනා බවක්.

"නෑ...ඔයා බොරු කියන්නේ...."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Wo Geschichten leben. Entdecke jetzt