116

333 17 0
                                    

#දුඹුරු_සඳ_116
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

විටෙක හිරු… ලෙසින් නුඹ… දවනවා හද
විටෙක සඳු… ලෙසින් නුඹ… නිවනවා හද
විටෙක රළ ලෙස…ඇවිත් යන නුඹ
විටෙක වෙරළක්… මෙන් හිඳී ළඟ

විටෙක ගිණිගත්… මගේ හදවත……

විටෙක දැවෙනා… අග්නියෙන් හිත
විටෙක් සැනසෙයි… නුඹෙ සුසුම් ළඟ
ජීවිතේ අප… නොකී පෙම් කව
ලියයි දිනකදී……

සඳයි දුඹුරු… මා නිවනා
දැල්ලක්… වන රැයක
සන්සුන් වූ සිතුවිලි මවනා…
නෙතු රඳවනා… තැනක

සුසුම් නිවාලන ගෙල අද්දර…
සුවයයි… මගෙ මැණික
නොකී කතා ඇතේ තව…
වෙවුලන රස… තොලක
#සඳයි_දුඹුරු_මා……

පද ගැලපුම : Krishanthi Kumari | Sewwandi Dissanayake

🤎🌙_______

"ශිට්...මේ සීයලගෙ මල මගු'ල් රිචුවල්ස් එක්ක බෑ."

ආග්න බැනවදින්නට වූයේ ඒ චාරිත්‍ර වාරිත්‍ර වල අලගිය මුල ගිය දෙවිවරුන්ට පවා.

නමුත් එක්වරම විණාරාගේ දෙනෙත් විසල්ව ගියේ ඔහු පැවසූ කරුණට.

"හරි කමක් නෑ තමු'සෙ හොරෙන් කනවා..."

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් හිතුවක්කාරයාගේ දඩබ්බර වදන් ඈ දෙතොලතර සිනහවක් එක් කළේ ඉබේම.

'හරි කමක් නෑ තමු'සෙ හොරෙන් කනවා...'

දැනුණේම මොහොතකට පෙර ඔහු මුවින් ගිලිහුණ වදන් දෙසවන් අද්දර දෝංකාර දෙන බවක්. තවමත් අදහාගත නොහැකියි ඇයට ඔහු වැන්නෙක් එලෙස පැවසූ බව. නමුත් ඒ හිතුවක්කාර වදන් අස්සේ ගැබ්ව තිබුණේම තමා පිළිබඳව වන තැකීමක්.

"මොකද දැන් තමු'සෙ මියුට් වෙලා ඉන්නෙ. තමු'සෙට ඇහුන්නැද්ද මං කියපු දේ ආහ්?"

ඉඳින් ඔහු වදන් ඔස්සේ හිතින් දුරකට ගොස් උන් විණාරා නැවතත් පියවි සිහියට ගෙන්වූවේද බිඳකුදු හෝ සංයමයක් නොවූ ඔහු වදන්.

"ඇහුණා.."

"ඇහුණා?"

"ඔ.ඔව්.."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now