#දුඹුරු_සඳ_107
🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
තම ප්‍රධානියාගේ දෙතොල් මත වූ හීන් හසරැල්ලත්, ඒ දෙනෙත් මත වූ දිස්නයත් දකිද්දී රොවේන්ට දැනුණේ සතුටක්. මන්ද යත් විඳවීම ජීවිතයේ කොටසක් කරගෙන හුන් ආග්න හදවතින්ම සිනාසෙන අයුරු පවා ඔහු දැක නැති තරම්.
"වට් ද ෆ...!"
එක්වරම රථයෙහි තිරිංග තද වූයේ ආග්න ගැස්සී යද්දී.
🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
ආග්නගේ මුහුණෙහි වූ හිනාව එක තප්පරයකට අතුරුදහන්ව යද්දී ඔහු දෙබැම රැළිවී ගියේ ඉදිරිපස වාහනය හරස් කර නවතා තිබෙන යතුරුපැදිය නෙත ගැටෙද්දී.
"ඔමේඝ්...!"
ඉඳින් රොවේන්ට මිමිණෙද්දී ආග්න වින්ඩ්ස්ක්‍රීනයෙන් ඉදිරියෙහි යතුපැදියෙන් බසින ඔමේඝ් මතට නෙතු යොමුවේ හිතට කෝපයක් දැනෙද්දී.
"මුගෙ අම්&*..."
ඔමේඝ් යතුපැදිය බැස හෙල්මටය ගලවා ඔවුන් උන් වාහනයේ බොනට්ටුව මත තබද්දී රොවේන්ට මිමුණුනේ ඉබේටම.
"සර් ඔහොමම ඉන්න..."
ඉඳින් ආග්නගේ දවස් ගණනාවක්ම අවුල් කර දමන්නට ඔමේඝ්ගේ ආගමනය බලපෑ හැකි බව දන්නා නිසාම රොවේන් වාහනයෙන් බැස්සේ කලබලෙන්.
"ඕහෝ... කටු කන එකා මුලින්ම බැස්සේ උඹේ මහලොකු බොසාව ඩිෆෙන්ස් කරන්නද?"
ඉඳින් ඔමේඝ් රොවේන්ට අපහාස කරන අයුරු සවනත තැවරෙද්දී ආග්නගේ දෑත් මිටමෙළවුණේ ඉබේම.
"ඔමේඝ් උ ඹේ බයික් කබල අහකට ගනින්..."
රොවේන්ට ඔමේඝ්ගේ වදන් සතපහකට වගක් නොවුණේ ඔහු කුමනාකාරයේ පුද්ගලයෙකුදැයි හොඳින්ම දන්නා නිසාවෙන්.
"ටහුඩු... මුගෙ පවර් එක යකෝ. අර ඇතුළෙ ඉන්න විසිකරන කටු කාලද මෙච්චර ගෙම්පර්?"
"උ ඹට මොකක්ද වෙන්න ඕනෙ කියපන්..."
වාහනයේ පසුපස ආග්න හුන් දොරටුව දෙසට යන්නට ගිය ඔමේඝ්ගේ මග හරස් කරමින් රොවේන් විමසූයේ ඔමේඝ් ඔහු දෙසට කෝපවත් බැල්මක් හෙලද්දී.