113

351 16 0
                                    

#දුඹුරු_සඳ_113  පොඩි කොටසක්💙

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

විණාරා ඔහු උණුහුම අස්සේ තම නග්න ගත හංගාගනිද්දී ඇයට දැනුණේ තමාව ඔහු සවිමත් බාහු මතට එසවී යන වගක්. ඉඳින් දෑස් විවර කරන්නට දැනුණ මැලිකම නිසා ඇය දෑස් පියාගෙනම ඔහු ළයෙහි කම්මුල හොවාගත්තේ සිහින් සිනාවක් මුවෙහි ඇඳෙද්දී.

'ඔහොම හිනාවෙන්න එපා විණාරා... පපුව අස්සට දැනෙණ ලෝබකම මටම දරාගන්න බෑ වගේ...'

ඉඳින් සාවියක සේ තම ළය අස්සටම ගුලි වන ඇයගේ අවිහිංසක සිනහව තම ළය ප්‍රේමණීය හැඟීමකින් උතුරවා මෙන් දමද්දී ආග්න මුමුණන්නට වූයේ හිතෙන්.

ඉඳින් ප්‍රවේශමෙන් ඇයව සයනය මතින් තබා බ්ලැන්කට්ටුවෙන් ඈ නග්න ගත පොරවා දැමූ ආග්න නෙතු නවතාගත්තේ ඈ උවන මත. ඉඳින් හෘදය පුරවාලන ඒ දරාගත නොහැකි හැඟුම උතුරායන්නට මෙන් තනද්දී ආග්නට වේගයෙන් ගැහෙන තම ළයට අතක් තබා ගත්තේ හෙමිහිට...

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"හහ්..."

ගැඹුරුම හුස්මක් මුවින් ගිලිහෙන්නට වූයේ අනිච්චානුගතවම. බරටම හෘද ගැඹුරටම කිඳාබැස තිබෙනා ඒ හැඟීම හිතම වසාගෙන තිබෙනා අපූරුව... ප්‍රේමය! වෛරයේ අහුමුළු සිරකරලමින් තදින් බැඳ තිබෙනා ඒ සවිමත් හැඟීම ප්‍රේමයදැයි හදවතෙන් ඔහු විමසූවත් නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැහැ ඔහුට.

ඉඳින් ඒ දුඹුරු පැල්ලම් සහිත ඈ අවිහිංසකම උවන නවාතැන්පොළ කරගෙන් හිඳිනා දෙනෙතට අවැසි වූයේම නැහැ වෙනතකට යන්නට.

සියුම්ව ඈ මුවින් ගිලිහෙන ප්‍රාශ්වාසයන් සමඟ මෘදුව උස්මහත් වන ඈ ළය මතක් අතක් ගුලිකරගෙන විණාරා නිදන් උන්නේ කුඩා දරුවකු මෙන්. ඉඳින් අහිංසකම ඕනෙවටත් වඩා ඈ හුස්මක පවා ගැබ්ව තිබෙන අයුරු අමුතුවෙන් තෝරාබේරාගන්නට අවැසි නැහැ ඔහුට.

ආග්න හෙමිහිටම කිට්ටු වූයේ ඈ අබියසට. එහෙමම බ්ලැන්කට්ටුව යටට ගොස් ඇලයට හැරී වැලමිට සයනට මත තබා අත නවා ඔහු කම්මුල හොවාගත්තේ අත්ල මත. ඉඳින් නිදහසේම නිදන් හිඳිනා විණාරා මත්තේ ඔහු බැල්මට රැඳෙන්නට හැර ආග්න උන්නේ හිතට දැනෙණා මිහිරියාව මුසු හැඟුම් විඳගනිමින්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now