130

335 14 0
                                    

#දුඹුරු_සඳ_130
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"මිස්ටර් ආග්න... ඔයා කියපු කරුණු එක්ක බැලුවම මට දැන් හේතුව පැහැදිලිව පේනවා."

ඉඳින් ආග්න වෛද්‍යවරයාට විණාරාගේ ළමා කාලය පිළිබඳ ඔහු දැනහුන් සියල්ලම පවසන්නට වූයේ එය රහසිගතව තබාගන්නා ලෙස ඔහුට අවධාරණය කරමින්.

"ළමා කාලය කියන්නේ කෙනෙක්ගෙ පෞර්ෂත්වයට බලපාන ප්‍රධානම දෙයක්.

Parent losses, Harrassmants, bullying, abuses... මේ දේවල් වලට ළමා කාලයේ මූණ දුන්න පුද්ගලයන් වැඩිහිටියෝ වුණාම බොහෝදුරට එයාලට ජීවිත කාලෙම ඒ දේවල් බලපානවා."

වෛද්‍යවරයා කරුණු පැහැදිලි කරන්නට වූයේ මතකය අහිමිවූ පසුව විණාරා මිනිසුන්ට දැඩිව බය වෙන හේතුව. ඇය කුඩා කල මුලු සමාජයකින් කොන්වී, නෑදෑ හිතමිතුරන්ගෙන් කොන්වී දැඩිව හුදෙකලා වීමත්, පාසල් ළමුන්ගේ වාචික හිංසා සහ පීඩනත්, කායික හිංසා සහ පීඩන වලටත් මුහුණ දුන් අසීරු ළමා කාලයක් එය.

ඉඳින් ඇය කෙසේ හෝ උස්මහත් වී වැඩිහිටියෙකු බවට පත් වූවද යටිහිතෙහි සෑම විටම අතීතයේ අමිහිරි සිදුවීම් පිළිබඳව බියක් ඉතිරිව තිබු බවයි ඔහු පැවසූයේ.

"මිස්ටර් ආග්න...පිටින් බලද්දී ඔයාට වයිෆ්ගේ තියන ලැජ්ජාව, මිනිස්සු ඉස්සරහට යන්න තිබ්බ පැකිලීම බය සුළුවට පෙනුණත් එයාගෙ හිත අස්සේ එයාටවත් හිතාගන්න බැරි තරමේ ගැඹුරට ඒ බය තිබිල තියනවා.

ඌණ පෞර්ෂත්වයක් එක්ක එයා වැඩිහිටියෙක් වෙලා තියෙන්නේ.

ඉතින් මේ ඉන්සිඩන්‍ට් එකේදී එයාගෙ බ්‍රේන් එකට වෙච්ච ඩැමේජ් එක නිසා මතකය අහිමි වුණත් මිස්ටර් ආග්නව මතක තිබ්බා වගේ එයාගෙ හිතේ ගැඹුරින්ම තියන හැඟීම් සමහරක් ඉතිරි වෙලා තියනවා."

"ඒ කියන්නේ ඩොක්ටර් එයා දැන් මනුස්සයන්ට බයවෙන්නේ එයාගෙ පොඩි කාලෙ බය මතක තියන නිසාද?"

"ඔව්...අනිවාර්‍යෙන්ම. එයාට මතකය නැතිවුණාට එයා මිනිස්සුන්ට බයයි කියලා එයාට දැනෙනවා. හේතුවක් මතක නැතිවුණාට මිනිස්සු ගැන, සමාජය ගැන මිසිස් විණාරාගේ යටිහිත තිබ්බ බය එහෙමම ඉතිරි වෙලා තියනවා."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now