105

418 17 0
                                    

#දුඹුරු_සඳ_105

විණාරා දෑතින්ම එල්ලීගෙන හිටියේ ආග්නගේ දෙඋරෙහි. හදිසිකාරයා ඇයව තමාට වාරු කරගෙනම ඒ මධුවිත බිඳෙන් බිඳ තොල ගාද්දී විණාරා උන්නේ ඔහු ප්‍රේමාලිංගනයන් දරාගැනීමේ අසීරු උත්සහයක.

"ආ..ග්...න..."

ඉඳින් ඈ සියුමැලි සිරුර සම්පූර්ණයෙන්ම වාගේ ඔහුට වාරුව යද්දී තවත් ඈ සිහින් සිරුරට තමාව දරාගෙන ඒ දෙපා වාරු කරගැනීමට සවියක් නොමැති වග දැනෙද්දී ආග්න ඇයව දෝතින්ම අල්ලාගෙන ඒ මුහුණට නැඹුරු වූයේ මුවින් සියුම් හතියක් ගිලිහෙද්දී. තප්පරයකට අඩවන්ව ගිය නෙතු ඔහු බැල්ම මත නවතාලූ විණාරා ඊළඟ මොහොතේ ඔහු ළයේ පිම්බුණ මාංශපේෂී මත නළලත තබාගත්තේ ඔහු උරහිස් මත වූ දෑත් වල ග්‍රහණය ලිහිල් කරමින්.

ඉඳින් තම ළයට නළල හේත්තු කරගෙන තම සිරුරට වාරු වී හිඳිනා විණාරාගේ හිස්මුදුන මත දෙතොල් ඇතිරූ ආග්න ඊළඟ මොහොතේ කළේ ඇයව දෝතින්ම ඔසවාගැනීම.

තප්පර මිනිත්තු ගෙවී ගියේ හෙමිහිටම... ඉඳින් බුබුළු දමමින් වීදුරුවට වත් කළ මධුවිත හෙමිහිටම අහවරව ගියේ ඔහු ළය, ඇටමිදුලු ගාණේ අංශුවක් නෑරම ඈ නමින්ම ආග්න මත්ව යද්දී. හෙමිහිටම හැඟුම් ඇහිඳිමින් ඈ හා අනන්තයකටම පියමන් කළ ඔහු විණාරාට එහාපසින් වැතිරුණේ උඩුබැලි අතට.

සියුම් හතියක් මුවින් ගිලිහෙද්දී ආග්න හිස හරවා නෙතු යොමුවේ එහාපසින් වැතිරී හුන් ඈ උවන මතට. ඔහු පහසින් මත්ව හිඳි විණාරා දෑස් පියාගෙනම සයනයෙහි ගුලි වෙද්දී ආග්නගේ දෙතොලතර මන්දස්මිතයක් ඇඳෙන්නට වූයේ හීනියට.

දෑස් පියාගෙනම වකුටු වෙමින් හුන් විණාරා අතක් එහා මෙහා කරමින් සොයන්නේ බ්ලැන්කට්ටුවක් ඒ නග්න වසාගන්නට. ඉඳින් ඇය හුරතල් හා පැටවකු මෙන්යැයි මොහොතකට හිතෙද්දී ආග්න කළේ ඈ අතැඟිලි අතරට මැදිවූ බ්ලැන්කට්ටුව තමා වෙතට ඇද ගැනීම.

ඉඳින් විණාරා කලබලයෙන් මෙන් නෙතු හැර බලද්දී ඇය දෙනෙතට හසුවූයේ ඇලයට හැරී තමා මතම නෙතු රඳවාන හිඳිනා ආග්නව. ඉඳින් එක් තප්පරයකට ඈ විඩාබර නෙතුවලට ඇහිපියන් ගැසීමට පවා අමතකව ගියේ පෙනෙන නොපෙනෙන ගාණට ඔහු දෙතොල මත තැවරී තිබූ සිහින් මන්දස්මිතය නෙත ගැටෙද්දී. ඉඳින් ඔහු දෙනෙතෙහි වූයේම කිසිවිටෙකත් දැක නොතිබූ දිස්නය දෙන බැල්මක්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now