#දුඹුරු_සඳ_144
🌙🤎___𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
"සීයා ඔයාට කැමතියි කියලා දැනන් හිටියා. But never thought... මේ තරමටම හිතට අල්ලලා කියලා..."
ඔහු පවසන්නේ දෙතොල් මත සිහින් මන්දස්මිතයකට නවාතැන් ගන්නට ඉඩ හැර.
"ඇයි? මොකක්ද මේකෙ තියෙන්නේ?"
ඔහු වදන් හමුවේ සිත තුල වූ කුතුහලය තව තවත් වර්ධනය වද්දී ඈ විමසන්නට වූයේ කුතුහලයෙන්.
"මේ තියෙන්නේ සීයාගෙ පැලස් එකක ඔප්පුවක්. ඒක ඔයාගෙ නමට ලියලා."
ඉඳින් ඔහු පවසද්දී විණාරාගේ දෙනෙත් විසල්ව ගියේ පුදුමයෙන්.
"පැලස් එකක්?"
ඒ කිසිවක්ම මතකයේ නොවෙද්දී විණාරා විමසන්නට වූයේ පැටලිලි සහගත බැල්මක් දෙනෙතෙහි රඳවාන.
"ම්ම්. ඔයා එහෙ කලින් ගිහින් තියනවා."
එපමණක් පමණක් පවසා ආග්න නැවතත් අතෙහි වූ ලියවිල්ල විණාරා දෙසට දිගු කරනට වූයේ විණාරා වියවුල් වූ සිතිවිලි සමඟ එය සුරතට ගනිද්දී.
ඉන් අනතුරුව විණාරා සීයා පිළිබඳවත් ආග්නගේ පවුල පිළිබඳවත් බොහෝ කරුණු විමසන්නට වූයේ ආග්න ඇයට සියල්ල සරලව පැහැදිලි කර දෙද්දී.
තවත් මොහොතකින් විණාරා අතට ගත්තේ ඒ ආසන්නයේම වූ පැතලි සෘජුකෝණාස්‍ර පෙට්ටියක්.
"මේක කවුද දීලා තියෙන්නේ?"
ඇය විමසන්නේ එහි හින්දියෙන් වූ අකුරු දෙස දෙබැම රැළි කරගෙන බලා.
"තූර්වී..."
ආග්නගේ මුහුණ මදක් වෙනස්ව යද්දී ඔහු මුමුණන්නට වූයේ ඕනෑවට එපාවට.
"තූර්වී?"
දෙබැම රැළි කරගෙන විණාරා පවසන්නට වූයේ එම නමෙහි කුමක්දෝ හුරුවක් දැනෙද්දී.
"ඇයි?"
ඉඳින් ඈ මුහුණෙහි වෙනස් වන ඉරියව් නෙත ගැටෙද්දී ආග්න විමසන්නට වූයේ මදක් කුහුලෙන්.
"නෑ..මට ඒ නම හුරුයි වගේ නිකන්..."
විණාරා එලෙස පවසා තෑග්ගෙහි වූ රිදීපැහැ දවටනය ගලවා ඇතුළත වූ පෙට්ටිය විවර කරද්දී විණාරාගේ දෙබැම රැළිව ගියේත් මුව මදක් විවර කළේත් සතුට මුහුවූ පුදුමයකින්.