137

280 12 0
                                    

#දුඹුරු_සඳ_137

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් හුස්ම මොහොතකට නවතාලමින් හිත අභ්‍යන්තරය හොඳටම කළඹවාලමින් දඟකාරකම් කළ ඔහු වගක් නොමැතිවම යලිත් ඈ ඔඩොක්කුව මත නිසොල්මන්ව වැතිරී දෑස් පියාගෙන. සන්සුන්ව හිඳිනා ඔහුගේ දෙතොලතර තවමත් තිබෙන්නේ පහව නොගිය ඒ සිහින් මන්දස්මිතය.

සියල්ලම කර ඔහු එලෙස සැහැල්ලුවෙන් නෙතු පියාන හිඳිද්දී මොහොතකින් හුස්ම පාතට දැමූ විණාරාගේ ළය ගැස්ම පවා තීව්‍රව ගොස් තිබුණේ උමතුව ගිය අයුරින්. හිත ගත සියල්ලම මොහොතකට වෙනත් ලෝකයකට රැගෙන ගොස් අතහැර දැමුවාක් මෙන්.

"ඇයි නැවත්තුවේ..."

ඉඳින් ගල්ගැසී උන් විණාරා කල්පනාවෙන් මුදවාගත්තේ ඔහු මුවින් ගිලිහුණු ඒ වදන්. දෑස් විවර කර හිස මදක් පසුපසට ආනත කර ඔහු ඈ දෙසට නෙතු බැල්ම ගෙනඑද්දී විණාරා නැවතත් අතැඟිලි රැගෙන ආවේ ඔහු හිස මතට. ඔහු බැල්ම මගහරිමින් ඒ සිහින් ඇඟිලි තුඩු හිස මත එහෙ මෙහෙ දිවයද්දී දැනෙනා සනීපයට ආග්නගේ දෑස් පියවී ගියේ ඉබේම.

"අන්න එතන තව ටිකක් තදට..."

හිස දෙපස තදින් රිදුම් දෙන ස්ථානවල තෙරපෙන ඈ අතැඟිලි ඔහුට දැනුණේම ඔසුවක් විලසට.

මොහොතින් මොහොත ගෙවී යද්දී ආග්න නින්දට වැටුණේ ඔහුටත් නොදැනීම. අතිශය සති ගණනාවක් තිස්සේ සිරුරට දැනුණු විඩාවත්, දැන් පවතිනා හිසරදයත් නිසාවෙන් ඔහු ගැඹුරු නින්දකට අවතීර්ණ වූයේ කල්වේලා නොයාම.

එලෙස විනාඩි හතලිස් පහක් පමණම විණාරා උන්නේ උන් ඉරියව්වෙන්ම ඔහුගේ හිස සම්බාහනය කරමින්. තමන් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරනා ඔහු වෙනුවෙන් මේ සති ගණනාවටම තමාට කළ හැකි වූ එකම දෙය එය වෙද්දී විණාරා එය කරේ උනන්දුවෙන්.

අතැඟිලි හිසකේ මත එහෙ මෙහෙ යද්දී විණාරාගේ දෙනෙත්නම් දිව ගියේ ඔහු වත, ඔහු ගත පුරාම. ඒ කඩවසම් මුහුණත්, ඔහු හුස්ම ගන්නා රිද්මයට ඉහළ පහළ යන ඒ දේහදාරී ගතෙහි මස්පිඩු පිම්බුණු නග්න උඩුකය මතත් ඈ දෙනෙත් දිව යන්නට වූයේ අකීකරුව.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now