#දුඹුරු_සඳ_146
🌙🤎___𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
ආග්න යනවාත් සමගම මෙන් අවදි වූ විණාරා මුහුණ සෝදාගෙන කෙලින්ම පියවර ඇහින්දේ මුළුතැන්ගෙය දෙසට. අවදි වූ වහාම උදෑසන තේ එකවත් පානය නොකර පූස් පැටවුන්ට කිරි සාදා දීම ඇගේ පුරුද්දක් දැන්.
තනිව කිරි සෑදීමට අවසර නැති නිසාවෙන් විණාරා රොවේන්ට කතාකරන්නට පෙර මුළුතැන්ගෙයට පැමිණියේ ආග්න එහි ඇතැයි සිතෙද්දී. මුළුතැන්ගෙයට ඇතුළු වන දොරටුව අබියසදී විණාරාගේ නෙතු විසල්ව ගියේ දුටු දර්ශනය නිසාවෙන්.
"අනිත් අය හලලා මෙහෙම තනියම කන එක කැතයි හැබැයි."
එසේ මුමුණමින් ආග්න පූස් පැටවාට බිස්කට් දෙන අයුරු විණාරා බලාන හිඳින්නට වූයේ මුවත් ආයාගෙන.
නමුදු විණාරා දුටු තත්පරයේම ආග්නගේ මුහුණ වෙනස්ව ගියේ තමා පූස් පැටවා හා කතාකරනු ඈ දුටුවෝතින් එය එසේ මෙසේ ලැජ්ජාවක් නොවන බව සිත කියද්දී. නමුදු විණාරාගේ මුවෙහි ඇඳුණු සිනහවනම් පැවසූයේ ඇයට එය ඇසුණු වග.
"ආ... තමුසෙගෙ මේ බෝල කෑලි හැමතැනම හල හල යන්නැතුව එකතැනකින් අරන් තියාගන්නවා. මලවදේ..."
එසේ පවසමින් බොරු කලබලයක්, බොරු කේන්තියක් උවන මත මැවෙන්නට හැර ආග්න පැන්ට්‍රිය මත වූ පලතුරු යුෂ පානයත්, ජංගම දුරකතනයත් ගෙන මුළුතැන්ගෙයින් පිටත්ව ගියේ හදිසියෙන්.
"හහ්...එයා මං එනකොට මගෙ ග්‍රේ බෝයිව හුරතල් කර කර නේද හිටියේ ම්ම්?"
ඉඳින් ආග්නගේ ක්‍රියාවට විණාරාගේ දෙතොල් මත වූ සිනහව පුළුල් වද්දී ඈ මුමුණන්නට වූයේ අලු පැහැ පූස් පැටවා අසලට පහත් වෙමින්.
"හහ්..මේ බලන්නකෝ...මල වදේ කියලා බැන්නට නපුරා ඔයාට බිස්කටුත් දීලා..."
විණාරා මුමුණන්නේ පූස් පැටවාව අතැඟිලි වලින් යන්තමින් පිරිමදිමින්.
එදින දහවල් වන තුරුම ගෙවී ගියේ සාමාන්‍ය අයුරින්. විණාරා උදෑසන සිටම උන්නේ පූස් පැටවුන් සමඟ. විටින් විටේ නම් ලකුණු කරන්නට මෙන් කුටියට විත් ආපසු යන ඇය දෙස ආග්න බලන් උන්නේ යම් නොරිස්සුමකින්.