131

295 17 0
                                    

#දුඹුරු_සඳ_131
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

කවුළුවෙන් පෙරී විත් උවන මත තැවරෙන හිරුකිරණට මුහුණලා විණාරා උන්නේ ඒ අරුත නොදන්නා ආශ්වාදජනක හැඟීම විඳිමින්.

'I'm totally yours...'

දෑසට ලාවට පියවෙන්නට හැර ඇහිදාර මත තැවරෙන ශ්වේත හිරුකිරණත්, එහි සුවදායි උණුහුමත් විඳිමින් හුන් විණාරාට සිහිවූයේ ඒ වදන්. ඉඳින් ඔහු බැල්ම, ඒ ගැඹුරු හඬ, ඒ බැල්මෙහි ගැබ්වූ හැඟීම් යන ත්‍රිත්වයම මුහුවූ වදන් කිමිදුනේ හදවත ගැඹුරටම.

එය එතරම්ම දැනෙන්නේ මන්දැයි ඈ හේතු නොදන්නවා වූවත් ඇය එය ව්න්දේ ආශාවෙන්. කිසිවෙකුට තමා ප්‍රේම කරනවා යැයි නොදැන ඔහුට ප්‍රේම කිරීමත්, ඒ ප්‍රේමයේ මිහිරියාව විඳීමත් වන බව ඉඳින් ඈ කෙලෙසනම් දැනගන්නද...

"ඊයෙ හවස ඉඳන් රෑම නිදන් ඉඳලාත් තාම නිදිමතද?"

ඉඳින් ඈ දෙනෙත් හැරියේ මිනිත්තු කිහිපයකට පසුව සවනත තැවරුණ ඔහු හඬට. කල්පනාවෙහිම ගිලී හුන් ඇය දැන සිටියේ නැහැ ඔහු පැමිණියේ මිනිත්තුවකට පමණ පෙර වගක්.

******

ශ්වේත වර්ණ කුටියෙහි අහස් නිල් රෝහල් ඇඳ ඇතිරිලි මත ඈ උඩුබැලි අතට වැතිරී උන්නේ දෑස් පියාන. ශ්වේත වර්ණ ඇඳ ඇතිරිලි වල පැහැයට මදක් ලා, සුදට හුරු නිලකින් නිමවා තිබූ රෝහල් ගවුම හැඳවුන් ඈ උදෑසන හිරු කිරණෙන් නැහැවී දිලිහෙන වත, ගෙන තිබුණේ රන්වන් පැහැයක්.

ඉඳින් කුඩා කල සුරංගනා පොතක කියවූ නිදන සුරංගනාවියක් මෙන් ආග්නට ඇයව පෙනුණේ හුදෙක් බාහිර රූපය නිසාවෙන්ම නොව ළයෙහි ඈ නමින් ගැහෙනා ප්‍රේමයත් පෙරදැරිකොටගෙන.

“ම්හු...”

ඉබේම ආග්නගේ දෙතොල මන්දස්මිතයකින් පුළුල්ව ගියේ ඈ ප්‍රතිචාරය හමුවේ. මුව මදක් ඇද කර දෑස් දෙපසට විහිදුවමින් ඈ ඇඟමැලි කඩන්නට වූයේ උරහිස්ද හකුළුවමින්.

“මම ටබ් එක රෙඩි කරා. නැගිටින්න වොශ් එකක් දාගන්න.”

තෙත් හිසකේ අතින් ගසමින් ආග්න කුටියට පැමිණියේ ළා දම් පැහැයට හුරු ප්ලේන් ශර්ටයේ බට්න් අඩක් පියවාගෙන. සයනය මත වාඩි වුණු විණාරාගෙ දෙනෙත් නතරව ගියේ තම දෙනෙත් ඉදිරියෙහි දිස්වන කඩවසම් පෞර්ෂත්වයක් සහිත තරුණයා මත.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now