114

370 19 0
                                    

#දුඹුරු_සඳ_114

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

වෙනදාට දැනෙණ සියුමැලි උණුහුම් ස්පර්ෂය නොදැනෙද්දී ඔහුට හැඟුණේ ඒ දුඹුරු පැල්ලම් සහිත උවන  සීතලෙන් ගල්ව ගොස් ඇති වගක්...

"නෑ....හ්!"

බය බිරාන්ත වූ නෙතු ඈ නිසොල්මන් සිරුර මතම් රඳවාන අඩියෙන් අඩියට පසුපසට පැමිණි ආග්න දෝතින්ම හිස බදාගත්තේ තදට. හැකි උපරිම වෙර යොදා ඔහු හිස තදකරගත්තේ දැනෙණ පීඩනය දරාගත නොහැකිව....

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"හ්ග්හ්...ආ..ග්න..."

ගතම  දහඩියෙන් තෙත්ව යද්දී ආග්න තිගැස්සී නෙතු විවර කළේ දැනුණ ස්පර්ෂයටත්, සවණත වැකුණ සිහින් කෙඳිරියටත්. දෙනෙත් විවර කළ තප්පරයේම ඔහු බාහුවක් අතරට තදට සිරවී හුන් විණාරා හුස්මක් ඉහළට ඇද ගත්තේ ඔහු ග්‍රහණය ලිහිල්ව යද්දි.

"හ්හ්..."

ඉඳින් දහඬියෙන් පෙඟී ගිය ආග්නගේ මුහුණ දකිද්දී විණාරාට සිතුණේ ඔහු සිහිනයක් දැක බියවූ වගක්. හදිසියේම ඇහැරුණ නිසාවෙන් ආග්නට මොහොතකට පෙර දුටු සිගිනය බිඳක් නෑරම සිහිවද්දී ඔහුට හිතුණේ එය එතරම් කාලයකට තමා දුටු  බියකරුම සිහිනය වග.

දෑස් හැරි තප්පරේම නෙතු මානයේ වූ විණාරාගේ මුහුණ දකිද්දී ආග්න දැනුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සැනසීමක්. නමුත් ඔහුගේ හදවතනම් තිබුණේ බොහෝ තීව්‍රව ගැහෙමින්.

නින්දෙන්ම ඇතිවූ ආවේගය නිසාවෙන් ඔහු නින්දෙන්ම සිරකර අල්වාගෙන හුන් විණාරා තිගැස්සී අවදිවූයේ ඒ වේදනාවට. දහඩියෙන් තෙත්ව ගිය ඔහු මුහුණත්, ඒ බියක් තැවරුණු බැල්මත් නෙත ගැටෙද්දී විණාරා ඔහු මතම නෙතු තබාගෙන උන්නේ මදක් වික්ෂිප්තව. මන්ද යත් ඔහු දෙනෙත් තුළ බිය මෙතරම් ගැබ්ව තිබෙනා බැල්මක් මින් පෙර ඈ දැක නොතිබූ තරම්. ඔහු ළය අස්සටම සිරව සිටිනා ඇයට දැනුණේ ඔහු වේගයෙන් හුස්ම ගන්නා අයුරු.

"ආ..ග්.න..."

බියවී ඇසිපිය නොගහාම තමන් දෙස බලාහිඳිනා ඔහු ළයට අතක් තබමින් විණාරා විමසන්නට වූයේ මෘදු හඬින්. ඉඳින් නින්දෙන් තමන් දුරු ඈ නිසොල්මන් සිරුර වෙනුවට ඈ උණුහුම් සිරුර තම බාහු අතරට මැදිව තිබෙන අයුරු නෙත ගැටෙද්දීත්, ඈ සියුම් හඬ දෙසවනෙහි වැකෙද්දීත් ආග්න ගැඹුරුම හුස්මක් පිටකළේ මොහොතටා දෑස් තද කර පියාගනිමින්. තප්පරයක් දෙකක් එම ඉරියව්වෙන් උන් ඔහු නැවතත් දෑස් හැර ඈ වෙතට තම බැල්ම පා කළේ ඈ සැබෑවටම නිරුපද්‍රිතව තමා අබියස හිඳිනවාදැයි නැවත්තත් තහවුරු කරගන්නට මෙන්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now