#දුඹුරු_සඳ_110
______________
“හහ්... මං දුන්න නිසා? නියම විහිළුව ඒක...”
මොහොතක් ඈ මතම නෙතු අලවාන හුන් ආග්න සමච්චල්සහගත සිනහවක් මුවට නගාන පවසද්දී විණාරාට දැනුණේ වේදනාවක්.
“තමු'සෙ එදා ඉඳන්ම කරේ බොරුව විණාරා... මට ඕනෙකමට විතරයි තමු'සෙ මාත් එක්ක ඉඳල තියෙන්නේ...”
ඉඳීන් එක්වරම එසේ පවසා ආග්න ඊළඟ තප්පරයේ විණාරාව අතහැර දමන්නට වූයේ ඇයව මදක් පසුපසට තල්ලු කර මෙන්. නමුදු එය පෙර තරම් රුදුරු හැසිරීමක් නොවුණේ පිටතට නොපෙනුණාට ආග්න උන්නේම ඒ අසීමාන්තික කෝපය පාලනය කර ගැනීමට ගන්නා අසීරුම උත්සහයන් සමග වද්දී.
“ඒ මොන දේට සමාව දුන්නත්... එක දෙයක් තියනවා... ඒකට තමු'සෙට තියා තමු'සෙව විශ්වාස කරපු මටවත් සමාව දීගන්න බෑ මට...”
දසන් එකිනෙක තදකරගෙන ආග්න ඒ අග්නි බැල්මෙන් තමාව දවාලද්දී විණාරා උන්නේ ගැහෙමින්. විශාල වනන්තරයක් පිටින්ම උදුරා බිමට සමතලා කරන කුණාටුවක් තරමටම දරුණු ආග්නගේ දැවෙන කෝපය අත්විඳ ඇති නිසාම විණාරා උන්නේ බියෙන් තැතිගෙන.“අඬනවා!”
විණාරා දෑඟිලි මුව මත තද කරාන කඳුළු සලද්දී ආග්න පවසන්නට වූයේ තරමක් උස් හඬින්.
“හැමදේම කරලා තමු'සෙට කරන්න පුළුවන් ඔච්චරනේ... “
ඉඳින් ඔහු චෝදනා හමුවේ විණාරා බයටත් වඩා උන්නේ උභතෝකෝටික පැනයන්ට මැදිව. ආග්න දෑතින්ම හිසකේ ඇදගෙන හිස පහතට හරවාන හුස්ම ගන්නට වූයේ වේගයෙන්.
“ගෙටවුට්... තවත් මගෙ ඔලුව කන්නැතුව එළියට යනවා!”
ඉඳින් තම කඳුළු මායිම් නොකරම ආග්න පවසද්දී විණාරා වේදනාවෙන්ම ආපිට හැරුණේ කඳුළු පිහදාගනිමින්.
කුටියෙන් පිටතට පැමිණි විණාරා ගැහෙන ළයට අතක් තබාගත්තේ සුසුම් පවා වේගවත් වද්දී. ඔහු දසන් පහරෙහි වේදනාව තවමත් ළමැද මත ඇදුම් කද්දී හිතනම් වූයේ බොහෝ නොසන්සුන්ව.ඒ සියල්ලටම වඩා විණාරාගේ සිත බරව යන්නට වූයේ ඔහුම පමණක් දන්නා වෛරයට හේතුව. ඉඳින් අතීතයේ මතක පිටු කෙතරම් පිරික්සුවද ඔහුට එතරම්ම වෛරයෙන් බැඳීමට තරම් කාරණයක් සොයාගැනීමට නොහැකිවූවේ අන් සෑම මොහොතකම මෙන්ම. ඉඳින් කල්පනාව පසෙක ලා යාබද කුටියේ නානකාමරයට ගොස් මුහුණ සෝදාගත් විණාරා මුළුතැන්ගෙයට පැමිණියේ හදිසියෙන්.