125

354 18 0
                                    

125

"නැගිටිනවා..."

එක එල්ලයේම විණාරා දෙස බලන් හිඳි ආග්න දුම් වැටියෙන් උගුරක් පානය කර පවසන්නට වූයේ අතිශය සීතල හඬකින්. ඒ හඬ අතීතයේ මෙන්ම මහත් ව්‍යසනයකට පෙර හමනා සුළඟ මෙන් භයංකර හඬක්. තම ගතම අප්‍රාණිකව යනවා මෙන් දැනෙද්දී විණාරා කෙළ පිඬක් ගිලගත්තේ ඉබේටම.

නැගිටින්නට තබා අතක් පයක් සොලවන්නට තරම්වත් සවියක් ගතට නොවන බවක් ඇයට දැනුණේ.

"අයි සේඩ් ගෙට් ද ෆ** අප්!"
(සැරයක් කීවම නැගිටපන්!)

ඉඳින් ඔහු රුදුරු, අකාරුණික හඬ කළේ ඇයව බියපත් කිරීමටත් වඩා ඇයව අභ්‍යන්තරයෙන් දරුණුවට රිදවා දැමීම. අප්‍රාණික දෙපා අසීරුවෙන් සයනයෙන් පහතට දමමින් විණාරා සයනයෙන් නැගිටගත්තේ එක් අතකින් හෙඩ් බෝඩයට වාරු වීගෙන.

'දෙයියනේ....!'

ඉඳින් සයනයෙන් නැගිටගත් තප්පරයේම නෙත ගැටුණ දෙය නිසා විණාරාට මිමුණුනේ ඉබේම. ඇයට දැනුණේ තම සියොළඟම අප්‍රාණිකව යන වගක්.

'ඩ්‍රග්ස්...!'

ආග්නට ඉදිරියෙන් වූ කුඩා ස්ටූල් එක මත විසිරී තිබුණේ අන්කවරක් හෝ නොව ආග්න කො'කේන් මත්'ද්‍ර'ව්‍ය පාවිච්චි කිරීමට ගන්නා ටූල් සෙට් එක. ඔහු සතුවූ රත්‍රන් පැහැ කුඩා පැතලි පෙට්ටියත්, පසෙක වූ වීදුරු බෝලයක් සහිත කො'කේන් රත් කර ආඝ්‍රහණය කරනා පයිප්පයත්, රිදී පැහැ ලයිටරයත්, ඊයම් කොළ කැබලි කිහිපයකුත් ස්ටූල් එකේ වීදුරුව මත විසිර තිබුණේ අපිළිවෙලට. ඉඳින් ඔහු මත්ද්‍රව්‍ය පානය කළ පසුව තමා කවුරුන්දැයි තමාටවත් හඳුනාගත නොහැකි කුණාටුවක් වන් අයෙක්.

විණාරාට සිතුණේම බියටම තමාව සිහිසුන්ව යාවියැයි සිතා. වේගයෙන් හුස්ම ඉහළ පහළ දමමින් වේගයෙන්ම ගැහෙන ළයත් සමඟ සයනයේ හෙඩ් බෝඩයට වාරු වීගෙන විණාරා උනේ එක් ඇඟිල්ලක් හෝ චලනය කිරීමට සවියක් නොමැතිව.

ඉඳින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙකුට එයින් මිදීමට අපහසු බව විණාරා දන්නා මුත් ඇය සිතන් උන්නේම ආග්න එයින් මිදී ඇති බව හෝ මිදෙන්නට තැත් කරන බව. මන්ද යත් ඇය ඔහු ම'ත්ද්‍රව්‍යයය ගන්නා වගක් බොහෝ කලක් තිස්සේ නොදුටුව බැවින්. නමුදු තම දෑස් ඉදිරියේ දිස්වන දර්ශනය ඈ සිත පුරවා දමන්නට වූයේ වේදනාත්මක මෙන්ම භයංකර සිතිවිලි වලින්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now