106

386 15 0
                                    

#දුඹුරු_සඳ_106

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"උඹ...!"

ඊළඟ මොහොතේ ආග්න විණාරාව අත නෑරම වේගයෙන් පියගැටපෙළ බැස ඒ පුද්ගලයා උන් දෙසට ගමන් කරන්නට වූයේ දැඩි කෝපයකින්.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

පියගැටපෙළ පාමුළ උන් සායිරාගේ දෙපා ගල්වූයේ ආග්නව දුටු තප්පරයේම. ආග්නගේ රත්පැහැ ගැන්වුණ දෙනෙත දුටු තප්පරයේම සායිරාගේ ගතම කිළිපොලාගෙන ගියේ ඔහු කේන්තිය ගැන හොඳින්ම දන්නා නිසාවෙන්.

"මල්ලි!"

ඉඳින් පහළම මහළේ ආලින්දයේ හුන් ආද්නව් පහළ උන් සායිරාත් පිඹගෙන එන ආග්නවත් දුටු තප්පරයේම ආග්නට කතා කරන්නට වූයේ උස් හඬින්. නමුදු ආග්නගේ නැවතීමක් වූයේ නැහැ.

"උ|ඹ මොකක්ද යකෝ මෙහෙ කරන්නේ?"

සායිරා සිංහල නොදන්නා බවක් දන්නා ආග්න සිංහලෙන්ම එය විමසන්නට වුණේ කෝපයට එයත් අමතකව යද්දී.

"ආ..ගු භා..යි..."

බියපත් නෙතු ඔහු දැවෙන නෙතු වලින් මගහරිමින් සායිරා මුමුණන්නට වූයේ දුබල, බියපත් හඬකින්. ඉඳින් කෙතරම් නපුරු, දුෂ්ට චරිතයක් වූවත් සායිරා ආග්නගේ කේන්තියට දක්වන්නේ දැඩි බියක්. මන්ද යත් කිහිප වරක්ම ඔහු කෝපයෙන් වියරු වැටුණ අවස්ථා ඇස ගැටී ඇති නිසාවෙන්. ඒ සියල්ලටත් වඩා සායිරා බිය වූයේ ආග්නගෙන් ඈත්ව යන්නට.

"උ|ඹට මං මොකක්ද කීවෙ සායිරා? මොකක්ද කීවේ?"

විණාරාගේ අත අතනෑරම ආග්න විමසන්නට වූයේ සායිරාගේ මුහුණට එබෙමින්.

"ම්..මම... ආගු භා..යි"

"කටවහපන්! මගෙ දෑහට නොපෙනී පල|යන් සායිරා. උ|ඹව දකිනකොට මගෙ මුළු දවසම මූසල වෙලා යනවා...

ගෙට් ලොස්ට්! උ|ඹට ආයෙ මේ ගෙදර පය ගහන්නවත් බෑ!

මගෙ ඇස් ඉස්සරහට එන්නෙ නැතුව මක*විලා පල|යන්!"

දබරැඟිල්ල උරුක් කරමින් ආග්න ඇයට කළේ තර්ජනයක්.

"මල්ලි..."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now