101

523 17 0
                                    

#දුඹුරු_සඳ_101

🤎🌙____ 𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪 ____________

"ආව්...එපා.."

විණාරාගේ විරෝධය නොතකාම විණාරාගේ බඳ මතින් ඈ අත ඉවත් කරද්දී ආග්නගේ දෙනෙත් විසල්ව ගියේත් ඊළඟ මොහොතේදී ඒ දෙනෙත් කෝපයෙන් දැවෙන්නට වූයේ තප්පරයක් හෝ ගෙවෙන්නට කලින්.

"නියපොතු පාරවල්! විණාරා මගෙ යකා අවුස්සන්නෙ නැතුව මොකද වුණේ කියපන්.."

🤎🌙____𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪____🌙

ආග්නගේ කෝපය වෙනදා තරම්ම දැඩි වූවත් විණාරා උන්නේ වේදනාවෙන් නිසා ඇයට බියවීමටවත් සිහියක් නැති තරම්. ආග්න කෝපයෙන් කෑ ගැසුවද විණාරා නැවත බඳ අල්වාන වේදනාවෙන් මිරිකෙන අයුරු දෙනෙතට හසුවද්දී ඔහු කෝපය යටපත්ව ගියේ ඉබේම.

"ශිට්... "

ආග්න මිටමොළවා තම කලවයටම පහරක් ගසන ගමන් සයනය අසලින් නැගිට ගියේ හදිසියෙන්.

"Hello good evening.."
(හෙලෝ සුබ සන්ධ්‍යාවක්  ..)

ආග්න හෝටල් කාර්ය මණ්ඩලය අමතා වෛද්‍යවරයෙකු අවැසි බවත්, විණාරාගේ තත්වය කෙටියෙන් පැහැදිලි කර පැවසූයේ හදිසියෙන් ප්‍රතිකාර අවැසි බවත්.

නැවතත් කලබලයෙන්ම සයනයට පැමිණ විණාරා අසලින්ම වාඩිවූයේ දෙනෙත් ඇය උදරය අසල නවතාගනිමින්.

"ඩොක්ටර් එන ගමන් ටිකක් ඉන්න... "

ආග්න විණාරා දෙසට නෙත් යොමාන පවසද්දී විණාරා කළේ යටිතොල දසන් අතරට මැදි කරානා හා කියන්නට හිස යන්තමින් උඩට පහළට චලනය කිරීම.

"මේ මොකක් වෙලාද? තුවාලෙ ගාව නියපොතු පාරවල් වැදුණෙ කොහොමද?"

ඉංග්‍රීසි බසින් වෛද්‍යවරයා විමසද්දී විණාරාගේ නෙතු යොමුවූයේ ආග්න වෙතට. ආග්නගේ නෙතු එක එල්ලයේම විණාරා මත නැවතී තිබුණේ ඔහුත් එයට පිළිතුරු බලාපොරොත්තු වෙන ගමන්. විණාරාගේ නෙතු යොමුවූ දිශාවට වෛද්‍යවරයාගේ නෙතු යොමුවද්දී ඔහුට සිතුණේම ඇයගේ තුවාල වලට හේතුව ඔහුවත්දෝ කියා.

"හරි...ඉස්සරලම වූන්ඩ් එක ආපහු ඩ්‍රස් කරල ඉමු."

වෛද්‍යවරයා ඔහු රැගෙන ආ වෛද්‍ය උපකරණ ආදිය සහිත බ්‍රීෆ් කේසය සයනය මත තබා විවර කරද්දී ආග්න පපුව හරහා දෑත බැඳගෙන විණාරා දෙසම බලන් උන්නේ ඈ නෙතු ඔහු නෙතු මගහරිද්දී.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें