112

397 18 0
                                    

#දුඹුරු_සඳ_112

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

එක් අතකින් දොර අල්වාන අනෙක් අත නිදහසේ පහළට දමාන හුන් ආග්න මිමුණුවේ දෙතොල් අතර සිගරට්ටුව සිරකරගෙනම. ඉඳින් ඔහු බැල්මෙහි වූයේ අග්නියක් තරම් නොවූවත් කෝපයක්. ඉඳින් කුමක් හෝ කියන්නට මුව හැදූ ආග්න නෙතු යොමුවේ විණාරාට මදක් එහාපසින් හුන් ඔහුගේ ආරක්ෂකයා දෙස. ආග්නගේ බැල්ම තේරුම් ගත් පරිද්දෙන් ආරක්ෂකයා කොරිඩෝව දිගේ මදක් එහාට ඇවිද ගියේ ආග්නත් විණාරාත් තනි කර.

"මොන මගු'ලක්ද කරන්නේ. ගෙදර යනවා."

දසන් අතරට සිගරට්ටුව තදකරගෙනම ඔහු පවසන්නට වූයේ විණාරා නෙතු ඔහු බැල්මෙන් මගහරවා ගනිද්දී. ඉඳින් ඔහු බැල්මට මුහුණ දෙන්නට තරම් ශක්තියක් නොවූ ඇයට ආග්නගේ වදන් නොසලකා ඉන්නට ශක්තියක් කොයින්දැයි ඇයවත් නොදන්නා තරම්.

බිඳකදු හෝ නොසෙල්වී හිටිවනම ඉන්නා ඇයගේ ඉරියව් ආග්නට ගෙන ආවේම පුදුමයක්. ඉඳින් දෙතොලතර වූ සිගරට්ටුව අතැඟිලි අතරට ගෙන ආග්න ඇය වෙතට හෙළුවේ දැඩි බැල්මක්.

"ඒයි... සිංහල තේරෙන්නැද්ද ආහ්? සැරයක් කීවම යනවා."

ඔහු හිතාමතාම විණාරාට සැර වූවත් ඇය බිඳකදු හෝ නොසෙල්වී උන්නේ කෝපයටත් වඩා ආග්නව පුදුමයට පත් කරමින්.

"විණාරා... මගෙ යකා අවුස්සන්න එපා! තමු'සෙට ආයෙ මං කියන්නෙ මෙහෙම නෙමෙයි... යනවහ්!"

එසේ පවසා ඇය මතම යොමන් හුන් ඒ කෝපවත් බැල්ම පිරි ආග්නගේ දෙනෙත විසල් වූයේ විණාරා දැක්වූ ප්‍රතිචාරය හමුවේ. සීතලේ හැකිළෙමින් හුන් ඇය හිස දෙපසට කළේ යා නොහැකියි පවසන්නට. ඉඳින් ආග්නගේ දෙබැම පවා ඉහළට එසවුණේ දෑස් විසල් වෙද්දී.

ඉඳින් ඇය හිතුවක්කාරයට තමාව සොයන් හෝටලයට පැමිණේවියැයි කිසිසේත්ම අපේක්ෂා නොකළ යමක්. එමෙන්ම මෙසේ ආපසු හරවා යවන්නට තනද්දී ඔහුට හමුවූයේ අපේක්ෂා නොකළ මෙවැනි ප්‍රතිචාරයක්.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් කුමක් කියන්නද කුමක් කරන්නද කියා නොසිතාම ආග්න ඈ මතම තම තියුණු කෝපවත් බැල්ම යොමාගෙන උන්නේ නොසෙල්වී.  බිමට හැරවී තිබුණ විණාරාගේ දෙනෙත හෙමිහිටම ඔහු දෙනෙත සොයා ආවේත්, තප්පරයක් යන්නටත් මත්තෙන් ඒ උවන සමඟම ඈ නෙතු බිමට බරව ගියේ ආග්නගේ රුදුරු බැල්ම නෙත ගැටෙද්දී.  කෝපයටත් වඩා ආග්නට අමුතුම හැඟීමක් දැනුණමුත් ඔහු ඈ උවන මත අලවාගෙන උන්නේ කෝපය පිරි බැල්මමයි.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ