139

264 14 0
                                    

#දුඹුරු_සඳ_139

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

නමුදු විණාරාට අවැසි වූයේ එය ඉක්මනින්ම රස බලන්නට වූවත් ඈ උන්නේ එය ආග්න තමාට දෙන තුරු. මදක් බිමට බරව නෙතු සමඟ ඈ උන්නේ රොවේන් ඉදිරියෙහි ඇයට 100%ක්ම සාමාන්‍ය වන්නට චකිතයක් දැනෙද්දී.

"ශුවර්නේ මේ රෑ මේක කාලා හොස්පිට්ල් යන්න වෙන්නෑ කියලා?"

ඊළඟ මොහොතේ ඉදිරියෙහි වූ පිඟානක් එකක් ගෙන එක් ඇහිබැමක් උඩට කර ආග්න විමසන්නට වූයේ රොවේන් මුව ඇද කර උරහිස් මදක් හකුලද්දී.

"ඉඳගන්නවා රොවේන්. යනවනම් හොස්පිට්ල් යන්න ඕනේ තුන් දෙනාම."

ඉඳින් ආග්න දිගින් දිගටම රොවේන්ව මඩවද්දී රොවේන් ඔවුන් සමගම කෑම මේසයෙන් වාඩිවූයේ විණාරා හොරැහින් මෙන් ඔහු දෙස බලද්දී.

"ඇති..."

ආග්න විණාරාගේ පිඟානට රොවේන් සකසන ලද ස්පැගෙටි හැඳි දෙකක් දැමූ පසුව විණාරා ඔහුව නවතාලූයේ.

"මේ ටික?"

"හ්ම්ම්..."

ඊළඟ මොහොතේ විණාරා ආශාවෙන් රොවේන් සැකසූ චීස්, තක්කාලි සෝස් දැමූ එළවලු ස්පැගෙති රස බලන්නට ගත්තේ.

"කන්න පුළුවන්ද මෑම්?"

ඇය මුල් ස්පැගෙති කට මුවට ගත් මොහොතේ රොවේන් විමසන්නට වූයේ මදක් කුතුහලයෙන්. රොවේන් කලකට ඉහතදී තනිව වාසය කරනා විට ඇතැම් අවස්ථාවල ආහාර පිසගෙන තිබුණද කලාතුරකින් ඒ. බොහෝ කලකට පසුව ආහාර පිසූ නිසාවෙන් රොවේන්ට තමා පිසූ ස්පැගෙටි පිළිබඳ වූයේ සැකයක්.

"හ්ම්.."

විණාරා රොවේන් දෙසට කෙටි බැල්මක් පා කර හිස උඩට පහළට චලනය කරේ යන්තමින්. එසේ විණාරාගේ හැසිරීම් රොවේන් ඉදිරියේද සාමාන්‍ය වෙද්දී ආග්නට දැනුණේ සැනසීමක්. ඔහුත් රොවේනුත් විණාරා ආහාර ගන්නා දෙස බලන් හිඳිද්දී විණාරාට දැනුණේ යම් අපහසුවක්.

"ඔයාලා කන්නෙ නැද්ද?"

විණාරා එය විමසන්නට වූයේ තම නෙතු ආග්න මතම රඳවාන.

"කමු..."

ආග්න ඊළඟ මොහොතේ තම පිඟානට ස්පැගෙටි හැන්දක් බෙදාගත්තේ රොවේන්ටත් බෙදාගන්නටයි සන් කරමින්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now