124

337 18 0
                                    

#දුඹුරු_සඳ_124
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙____ 𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් ඔහු තුරුළෙහි සනීපයට ඈ නින්දට වැටුණද නොසන්සුන්ව වේගයෙන් ගැහෙන හදත් සමඟ දොඩමළු වෙමින් ආග්න මිනිත්තු ගණනාවක්ම ගත කරන්නට වූයේ නිදිවර්ජිත තත්පර. නමුදු නෙතට නින්දක් ළඟා නොවුණද ඔහු අතරමංව හුන් හැඟීම් නිදහස් වූත් සුන්දර වූත් හැඟීම්.

පසුදින හතට පමණ අවදි වූ ආග්න නෙතු යොමුවේ තවමත් නග්න ගතින් බ්ලැන්කට්ටුව අස්සට වීගෙන තම ළය හරහා අතක් දමාන නිදන් හිඳිනා විණාරා වෙතට. පෙර දින රාත්‍රියේ බොහෝ වේලාවක් යන තුරුම නිදිවර්ජිතව හුන් නිසා විණාරා උන්නේ ගැඹුරු නින්දක.

නමුත් ඇය කැටුව කැනඩා යාමට අවැසි කටයුතු පිළිබඳ සොයා බලන්නට තිබූ නිසාවෙන් ආග්න අවදි විය යුතු වූවා. ලෝබකමින් තම නග්න ළය හරහා වැටී තිබූ ඈ කුඩා අත ඔහු ඉවත් කරන්නට වූයේ ප්‍රවේශමෙන්. විණාරාගේ නින්දට බාධා වේවියැයි බයෙන් ඇයගේ අත ඉවත් කර ආග්න සයනයෙන් බැස ගත්තේ දැනෙණ නොදැනෙන ගානට ඇය නළල් තලය මත හාදුවක් තවරමින්.

ඇඟමැලි කඩා මොහොතක් විණාරා දෙස බලන් හුන් ආග්න නානකාමරයට ගොස් ආපිට පැමිණියේ ස්නානය කිරීමෙන් පසුව. දිගු කලිසමක් පමණක් ගතට දමාගත් ආග්න නිරුවත් උඩුකයෙන්ම අතට ගත්තේ ජංගම දුරකතනය.

මොහොතක් විණාරා දෙස බලා ආග්න කල්පනා කරේ තව හෝරා තුනකින් පමණ පිටත් විය යුතු බැවින් විණාරාට ඇහැරවනවාද නැද්ද කියා. මන්ද යත් කැනඩාවට ගෙන යාමට අවැසි විණාරාගේ බඩු කිසිවක්ම සූදානම් නොකර ඇති බැවින්.

නමුත් ඇයගේ නින්දට බාධා කරන්නට ඔහු සිත අදිමදි කරද්දී ඔහු එම අදහස පසෙකට දැම්මේ තීරණයක් ගෙන. ඒ විණාරාට නිදන්නට ඉඩ දී අවැසි දෙයක් තිබුණොත් කැනඩාවෙන් මිලදී ගන්නට ඇයව රැගෙන යනවායැයි කියා.

ඔහු මුහුණෙහි වූයේ සැහැල්ලුවක්. සැනසීමක්. යන්තමින් කුටියට එබෙන හිරු කිරණ ඈ සිරුර මත තැවරී තිබුණේ සුන්දර දර්ශනයක් ඔහු නෙතු ඉදිරියෙහි මවමින්. මුව රැඳි සැහැල්ලු මන්දස්මිතයට ගිලිහී යන්නට ඉඩ නොදී ආග්න නෙතු යොමුවේ ජංගම දුරකතන තිරය මතට.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now