135

295 14 0
                                    

#දුඹුරු_සඳ_135

_____🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪_

කන් පෙත්ත මත මෘදුව ස්පර්ෂ වන ඔහු ලවන්‍ යුග වල උණුහුම දැනෙද්දීත් ඔහුගෙන් නික්මෙන උණුහුම් ප්‍රාශ්වාස වායුව විත් කන පසුපස තැවරී යද්දී විණාරාට දැනුණේ කිතියක් එක්ක සිරුරෙහිම හිරිගඩු පිපී යන වගක්.

"බට් අයි ලයික් දිස් ටූ..."
(හැබැයි මේ විදියටත් කැමතියි මම...)

ඔහු දඟකාර අතැඟිලි අකීකරුව හැඳවුන් ටීශර්ටයට යටින් ඈ නග්න බඳෙහි ස්පර්ෂ වන්නට ඉඩදෙමින් ඔහු පවසන්නේ විණාරාට හුස්මක් ඉහළට ඇදෙද්දී. ඔහු ඒ පවසන්නේ විණාරාගේ මේ ස්වරූපයට තමා කැමති වග. ඇගේ හිතුවක්කාරකම්, අමනාපකම් තමාට පාද්දී ඔහුට දැනෙන්නේම ඇය තමාට බොහෝ සමීපව ඇති වගක්. විණාරාගේ කුලෑටිකමත්, ලැජ්ජාවත්, බියත් නිසාවෙන් තමාගේත් ඇයගේත් බැඳීම අතර තිබූ දුරස්ථභාවය දැන් නැතිව ගොස් ඇති වගක් දැනෙන්නේ ඔහුට.

"හ්හ්.."

විණාරා තිගැස්සී ගියේ බඳ දිගේ ඉහළට ඇදුණ ඔහු අතැඟිලි තව තව ඉහළට ඇදෙද්දී. ළය ගැස්ම තීව්‍රව ගොස් ඈ සුසුම් රටා වේගවත් වී තිබුණේ ඔහු ඇතිකරනා නොසන්සුන් බව නිසාම.

ඉඳින් වේගයෙන් ඈ ළමැද උස්පහත් වනවා ඔහුට නොපෙනුනේ ඒ දෑස් පියවී තිබුණ නිසාවෙන්. ආග්න එහෙමම ඈ කන්පෙත්ත මත හාදුවක් තවරාලූයේ විණාරා හැකිලී යද්දී. එතනින් නැවතෙන්නට අදහසක් නොවෙද්දී ඔහු දෙතොල විත් උණුහුමට ඈ ගෙළ මත නවාතැන් ගන්නට වූයේ විණාරාව තව තවත් නොසන්සුන් කරවාලමින්.

ඉඳින් ඈ ගෙළ මත සුසුම් රටා මවනා ඔහු සිපුම් විණාරාව සම්පූර්ණයෙන්ම අතරමං කර දමා ඇත්තේ වෙනමම හැඟීමක් තුල. ඔහුගේ පහස හුරුවට දැනෙද්දී හිත අභ්‍යන්තරයෙන් ඔහුගෙන් මෑත්වන්නට දැනුණේම ලෝබකමක්.

බිඳෙන් බිඳ ඈ හැඟුම් අවදිකරනා ඔහු දඟකාර හාදු හමුවේ ඈ කළේ දෑස් තදින් පියාගෙන ඔහුට නතුවීමම පමණක්. හැඳවුන් ටීශර්ටයේ එක් කරක් ඔහු දඟකාරම අතැඟිලි වලින් පහළට වැටෙනවා වත් ඇයට වගක් නොවූ තරම්. ඈ උන්නේ ඒ තරමටම කලබලව, හැඟුම් දැහැනක සමවැදීගෙන මෙන්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now