127

352 16 0
                                    

#දුඹුරු_සඳ_127
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් එක්වරම සිදුවූ දෙය ඔහුට තවමත් සිතාගත නොහැකියි. ආග්න එක එල්ලයේම ඈ මත නෙතු නවතාන උන්නේ ඔහු... ඉඳින් ඒ ඇයමද? තම බැල්මක් ඉදිරියෙහි පවා බිමට බරවන ඈ නෙතු එක එල්ලයේම යොමුවී තිබුණේ ආග්නගේ දෑස් මතට. වෙනදා ඒ අවිහිංසක දෙනෙත් තුල වන බිය, ලැජ්ජාව, තැතිගැන්ම යන හැඟුම් වල සේයාවක් හෝ නැහැ එහි.

ඒ බැල්ම... ඈ දෙනෙතෙහි වූ බැල්ම ආග්නට දැනුණේම අමුතුවට. ඇය තමන් වෙතට යොමා තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකු මතට හොවනා බැල්මක් නොවේද? දැනුණේ තමා ඉදිරිපස රෝහල් සයනය මත හිඳිනා විණාරා වෙනත් අයෙකු විලසට.

ඈ සියුම් හැසිරීමක් පවා සූක්ෂමව ආග්නගේ නෙතට, මනසට ග්‍රහණය වන්නක්. පෙර ඇයගේ හැම ඉරියව්වක්ම තමාට හොඳින් හුරුපුරුදු තමා හොඳින් දන්නා හඳුනනා දෙයක් වූවත් දැන් තමා ඉදිරියේ හිඳිනා ඇයව ඔහුට දැනෙන්නේ නුහුරු ආග්නතුක පුද්ගලයෙකු මෙන්.

'නෑ...මේක වෙන්න බෑ!'

ඉඳින් හදවතට දැනෙනා වේදනාව, බිය මුහු හැඟීම ඔහුව නොමරා ම:රන්නක්!

'ෆෝ ගොඩ්ස් සේක් ඩෝන්ට් ලෙට් දිස් හැපන්!
(දෙයියන්ගේ නාමෙට මෙහෙම වෙන්න දෙන්න එපා!)
එයාට මාව අමතක වෙන්න දෙන්න එපා!'

දෑස් තදින් මොහොතකට පියවෙද්දී, හදවතට දැනෙන ආවේගය හමුවේ ඔහු දෑත මිටමෙළවවෙද්දී ආග්න මුමුණන්නට වූයේ සිතෙන්.

ඉඳින් පියාගෙන් පසුව ඇයට සමීපතම පුද්ගලයා වූත්, ඇගේ හදවත තුළ විසල් ඉඩක් අත්පත් කරගන්නට හැකි  පුද්ගලයා වූත්, ඇගේ කුළුඳුල් පිවිතුරු ප්‍රේමයේ හිමිකාරයා වූත් තමාව ඇයට අමතකව ගොස් ඇති වග... එය කෙසේනම් විශ්වාස කරන්නද? ආග්නට දැනුණේ තමා බියකරු සිහිනයක ගිලී ගොස් ඇති වගක්.

"විණාරා... අපිත් එක්ක මෙයා හිටියට ප්‍රශ්නයක් නෑනේ?"

වෛද්‍යවරයා ආග්න ඇයගේ ස්වාමිපුරුෂයා බව නොකියා එලෙස විමසද්දී ආග්න වෛද්‍යවරයා දෙස බලන්නට වූයේ කලබලෙන්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now