121

342 18 0
                                    

#දුඹුරු_සඳ_121
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

පපුව ගැලවී යන තරමටම වේගයෙන් ගැහෙන වගක් දැනුණේ විණාරාට. නමුදු ආග්න තවමත් උත්සහ කළේ තම කෝපය පාලනය කරගන්නට.වේගවත් ගැඹුරු හුස්ම කිහිපයක්ම ආයාසයෙන් ගත් ආග්න නැවතත් විණාරා දෙසට නෙතු යොමුවේ සන්සුන්ව.

"හ්හ්.."

පසුපස බිත්තියට වාරු වී හුන් විණාරා තිගැස්සී ගියේ ආග්නගේ අතක් තමා දෙසට එනවා දැනෙද්දී. ඉඳින් හෘද ස්පන්දනය එකදු මිලි තප්පරයට සීඝ්‍රයෙන් ඉහළ ගිය වගක් දැනෙද්දී විණරා දෑස් පියාගත්තේ තදින්.

නමුදු ආග්නගේ අතඟිලි මෘදුව ඈ නිකට මත නතරව යද්දී විණාරාට කෙළ පිඬක් ගිලුණේ ඉබේම. ඉඳින් ඈ මෙලෙස තමා අසල තිගැස්සි යද්දී ආග්නට දැනුණේ දරුණු වේදනාවක්.

ඊළඟ මොහොතේ විණාරාගේ දෑස් පුදුමයෙන් විසල් වූයේ ඔහු උණුහුම් දෙතොල් මෘදුව තම දෙතොල්පෙති අල්වාගනිද්දී. නිදහස් අතින් විණාරාගේ නිකට අල්වාන ජංගම දුරකතනය සහිත අත ඇයට පසුපස බිත්තියට හේත්තු කරගෙන ආග්න ඈ දෙතොල් සිපගත්තේ මදක් රළුව. ඉබේම ඔහු පහසට ඈ ගත ප්‍රතිචාර දැක්වූවත් හදවතෙහි වූ බිය, තැතිගැන්මනම් පහව ගියේ නැහැ එක් මොහොතකට හෝ.

"ලුක් ඇට් මී!"

🤎🌙_____𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් බියටම සිරුර පවා දරඳඩු කරගනිමින් දෑස් තදින් පියාන හිඳිනා විණාරාගේ සිතට දැනුණේම පුදුමයක්. ඈ සිත කීවේම ඔහු තමාට පහරදේවියැයි කියා නමුදු ආග්නගේ ස්වරයේ සැර බාලවී තිබෙන අයුරු ඇයට අදහාගත නොහැකි තරම්.

මුව පොව්වකු මෙන් බිත්තිය අයිනට ගුලීවීගෙන තදින් දෑස් පියන් හිඳිනා විණාරාව නෙත ගැටෙද්දී ඔහු කෝපය පාලනය වන්නේ ඔහුටත් නොදැනීම. යමහලක් සක්‍රීය වූ කලක විධාරණය වන ලාවා අල්වා නවතන්නට නොහැකි වනවාක් මෙන් තම කේන්තියේ සීමාව පැන්න පසුව ආග්නට තමාව පාලනයෙන් ගිලිහී යන්නේ ඉබේම.

ඊට තප්පර ගණනාවකට පෙර ආග්න උන්නේ දරාගත නොහැකි තරමේ අසීමාන්තික කෝපයකින් කැළඹීගෙන. නමුදු ඈ බියගුළු ඉරියව් ඔහු සිත අභ්‍යන්තරයේ කෝපයෙන්ම වැසී යන හිත් අංශු බිඳෙන් බිඳ ප්‍රතිස්ථාපනය වන්නට වූයේ ඔහුටත් නොදැනීම හිස ඔසවවා අනුකම්පාව, ප්‍රේමය යන හැඟුම්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now