#දුඹුරු_සඳ_136
_____🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲 𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪
කැඩපතක ප්‍රතිබිම්බයක් පෙනෙනවා තරම් පැහැදිලිව ඈ උවනෙහි වන හැඟීම් ආග්නගේ දෙනෙතට හසුවන්නට වූයේ. ලැජ්ජාව, අපහසුතාවක් මුහුවූ කෝලබව ඈ ඔහු දෑස්වලින් සඟවාගන්නට උත්සහ කළේ ඒ දෑස් ඔහු කෙරෙන් සඟවාගනිමින්.
නමුදු එහෙ මෙහෙ දිව ගිය ඈ දෙනෙතට තවත් මොහොතකින් ඔහු දෙතොලතර වූ දඟකාර සිනහව හසුවද්දී විණාරා ඈ වෙතට හෙලන්නට වූයේ සියුම් කේන්තියකුත් නොරිස්සුමකුත් මුහුවූ බැල්මක්.
"බොරු කියන්න එපා!"
නොරිස්සුම් හා මද කෝපයක් මූහු හඬකින්ම විණාරා පවසන්නට වූයේ මදක් සිහින් වූ දෑස් ඔහු මත්තේ තබා.
"ඔයාට මාව හොඳවෙනවා දකින්න ඕනෙ නැත්තම්, ඉට්ස් ඕකේ.."
පුළුල් වන්නට යන මන්දස්මිතය සඟවාන ඔහු පවසන්නට වූයේ විහිළුවක් පෙනෙන්නට නැති බැරෑරුම් බැල්මක් මවාගන්නට උත්සහ දරමින්. ඔහු කලින් පැවසූයේ මුසාවක්මදැයි යම් සැකයක් මතුවන්නට තරම් ඔහුගේ රංගනය සාර්ථක වද්දී විණාරා ඔහු වෙතට නෙතු ගෙන එන්නට වූයේ ඔහුව තවත් නිරීක්ෂණය කරමින්.
"වට්?
ආග්න එසේ පවසා සිහින් ඉරක් බඳුව දෙතොල් එකිණෙක තදකරගෙන දෙබැම මදක් ඉහළට කළද ඇගේ ප්‍රතිචාරය වූයේ නිහඬවම ඔහු දෙස බලාන හිඳීම.
"ස්ටිල් තින්කින්ග් දැට් අයිම් ලයින්ග්?"
(මම බොරු කරනවා කියලද තාමත් හිතන්නේ?)සයනයේ වැතිරීගෙම එක් අතක් විහිදුවා ඔහු කරන්නේ අතිසාර්ථක රංගනයක්. ඉඳින් කිසිවෙකු අතීතයේ ඒ නව යෞවන දඟකාර තරුණයෙකුව හිඳි ආග්නව දැක තිබුණානම් ඔහුට/ඇයට හැඟේවි මේ සිටින්නේ නිසැකවම ඒ නව යෞවනයාම බව. ඒ තරමටම ආග්නගේ පැරණි ගතිපැවතුම් විණාරා ඉදිරියෙහි දිගහැරෙන්නේ ඔහුටත් නොදැනීම.
"මං..."
ඒ නිරීක්ෂණශීලී නෙතු ඔහු මතම තබාන හුන් විණාරාගේ මුව එලෙස විවර වූයේ හෙමිහිට. ආග්න හිස යන්තමින් චලනය කරේ පවසන්නට යන කාරණය ඇයට පවසන්න යැයි සන් කරමින්.