128

334 18 0
                                    

#දුඹුරු_සඳ_128
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

පමා නොවීම විණාරා නිදිදෙව්දුව වැළඳගනිද්දී ආග්න උන්නේ සිහිනයක අතරමං වීගෙන මෙන් ඈ මතම නෙතු තබාන. ඉඳින් ඈ සෙමෙන් නින්දට ගිය පසුව කන ආවරණය කරගෙන හුන් ඇගේ අත අප්‍රාණිකව පහළට රූරා වැටෙන්නට වූයේ ආග්නගේ නෙතට එය හසුවද්දී.

මොහොතකට පෙර ඈ හුරතක් අයුරින් තමාට සවන්දීම ප්‍රතික්ෂේප කරමින් කන අතකින් වසාගත් අයුරු සිහිවද්දී ආග්නගේ ලවන්යුග මත තැවරුණේ ප්‍රසන්න සිනහවක්. ඊළඟ තත්පරයේදී ඔහු හෙමිහිට අත ඉදිරියට දිගුකර ඒ අතැඟිලි අතරට මැදිකරගත්තේ විණාරාගේ රූරා වැටෙන අත. ඇය අවදිවේවියැයි බොහෝ ප්‍රවේශමෙන් ආග්න ඈ අත හෙමිහිට ගෙන තැබුවේ ඈ මුහුණට ඉදිරිපස කොට්ටය මතින්.

නමුදු ඈ අත නිසාවෙන් තමන් එතරම් වේලාවක් රිසිසේ නෙතු යොමන් හුන් මුහුණෙහි කොටසක් ආවරණය වද්දී ආග්නට දැනුණේ නොරිස්සුමක්. දෙවරක් නොහිතාම නැවත ඇගේ අත මෘදුව අල්වාගත් ආග්න එය ඒ ආසන්නයේම සයනය මතින් තැබුවේ ඈ මුහුණ තම දෙනෙතට ආවරණය නොවන අයුරින්.

ඉඳින් රිසිසේ ඈ උවන මතට තම දෙනෙතට නවතින්නට ඉඩදුන් ආග්නගේ හිත පියඹා ගියේ දුරකට. මොහොතකට පෙර සිදුවූ සිද්ධි දාමය ඔහු මනසෙහි එකපෙළට ඇඳෙන්නට වූයේ අමුතුවට. ඇයගේ මතකය අහිමි බව දැනගැනීම, ඇයට තමාව දැක හුරු මතකයක් තිබෙනා බව දැනගැනීමටත් වඩා ආග්නගේ හිත හොල්ලා තිබුණේ වෙනකක්. ඒ අන්කවරක් නොව විණාරා! මතකය අහිමි වූ අලුත් විණාරා ආග්නව කළඹවා තිබුණේ ගැඹුරින්.

ඈ හැසිරීම් ලීලාව, කතාබහ, පෞර්ෂත්වය උඩුයටිකුරුව ගොස් නොවේද? කෙදිනකවත් නොමැති අයුරින් ඈ තම දෙනෙත් මත නොබියව දෙනෙත් තබාන කතාකරද්දී ආග්නට දැනුණේ පිරුණු හැඟීමක්. බියක් නොමැතිවම ඈ ඇගේ මතය තමා ඉදිරියේ පවසද්දී ආග්නට දැනුණේ බිය නිසාවෙන් ඈ එතෙක් කාලයක් මුළු සමාජයක්, තමා ඉදිරියේ බියගුලුව, කුලෑටිව සඟවාගත් ඇගේ සැබෑ පෞර්ෂත්වය හා හැසිරීම පිටතට දමා ඇති බවක්. එපමණක් නොව ඈ කිසිදු පැකිලීමකින් තොරව තමාට එකඟ නොවද්දී, බිඳක් හිතුවක්කාර වෙමින් තමා කෙරේ කෝප ගනිද්දී ආග්නට දැනුණේ සමීපබවක්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now