122

377 18 0
                                    

#දුඹුරු_සඳ_122
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් මොහොතකට පෙර ඔහුගේ කෝපයෙන් ගැහුණු ඈ හදවතට එයත් අමතකව ගොස් හැඩයි. කුණාටුවකට පෙරමං ඇද එය මෘදු සුළඟක්ව හමා යන අපූරුව!

ඔහු තේරුම් ගත නොහැකි, නිර්වචනය කළ නොහැකි පෞර්ෂත්වයක්. මන්ද යත් මොහු මෙවන් අයෙකුවැයි කිසිවිටෙක විග්‍රහ කළ නොහැක්කේ මේ අයුරින්ම ඔහුගේ වෙනස් ස්වරූපයන් නිරන්තරයෙන්ම දර්ශනය වද්දී.

විණාරාව දෑතෙහි හොවාන උඩුමහලට පියමන් කරනට ගිය ආග්නට දැනුණේ තෙහෙට්ටුවක්. මන්ද යත් පෙර දිනය මුළුල්ලේ ව්‍යාපාරික කටයුතු සඳහා අතිශය කාර්‍යබහුලව හුන් ආග්න ඔමේඝ් ඡායාරූප එවා හැරුණු තැපෑලෙන්ම ලංකාවට පැමිණියේ සියල්ලටත් වඩා විණාරා පිළිබඳව බියෙන්. එතරම් ආරක්ෂාවක් යොදවා තිබියදීත් ඔමේඝ් විණාරාව හමුවූවානම් ඔහුට පෙර මෙන්ම විණාරාව පැහැරගැනීමටද එතරම් පරිශ්‍රමයක් දරන්නට අවැසි වන්නේ නැහැ.

ඒ සියල්ලටත් වඩා විණාරා යනු ලෙහෙසියෙන් රවටාගැනීමට හා බියවැද්දවීමට හැකි අයෙක් බව දන්නා නිසාවෙන්ම ආග්න ලංකාවට පැමිණියේ ඇත්ත දැනගැනීමටත්, ඇගේ ආරක්ෂාව තිරකිරීමටත් මෙන්ම යම් තීරණයක් ගෙන.

"ඩෑඩ් නෙමේ කවුරු ආවත් ආයෙ ඩෝ එක ඕපන් කරන්න තමු'සෙ යන්න බෑ! සර්වන්ට්ස්ලා ඉන්නේ ඒකට. නිදිනම් ඇහැරවලා කියනවා."

මදක් දුර යද්දී ආග්න පවසන්නට වූයේ හදිසියේ සිහිවූ යමක්.

"හ්ම්.."

විණාරා ඔහුට එකඟවූයේ තමන් කළේ අනුවණ වැඩක් බව සිහිවද්දී. නමුදු ඔහු ස්වරය බොහෝ සේ නිවී ඇති බවක් හැඟෙද්දී විණාරාට දැනුණේ සැනසීමක්.

"By the way, තමු'සෙට ඔමේඝ්ව හම්බුණාද මං ගියාට පස්සෙ?"

ආග්න එකවරම විමසද්දී විණාරාගේ හදවත ගැහෙන්නට වුණේ වේගයෙන්. දෙබැම රැළි කරගෙන ආග්න විණාරා වෙතට බැල්මක් හෙලද්දී විණාරාට කෙළපිඬක් ගිලුනේ ඉබේම. ආග්නගේ හඬෙහි පෙර වූ සැහැල්ලු ගතිය නොවූ අතර ඔහු බැල්මෙහි වූයේ තියුණු බවක්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now