147

365 16 0
                                    

#දුඹුරු_සඳ_147

🌙🤎___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

තවත් මිනිත්තු ගණනාවකට පසුව ආග්න විණාරාගේ සයනය මතින් නැගී සිටියේ තවමත් ඔහු සුරතෙහි පැටලී තිබෙනා ඈ අතැඟිලි හෙමිහිටම ලිහිල් කර. කාර්යාලයට යන්නට සැරසුණු සුදුපැහැ ශර්ටයේ උඩ බොත්තමක් ලිහිල් කරමින් ඔහු පියවර ඇහිඳින්නට වූයේ බැල්කනියට මුහුණලා තිබෙනා වීදුරු බිත්තිය අබියසට.

ඉඳින් සියල්ල බිඳෙන් බිඳ සංකීර්ණ වනවා නොවේද? වෛරය, ප්‍රේමය? ඔහු අතරමංව හිඳින්නේ කොහිදැයි ඔහුටවත් තේරුම් ගත නොහැකි තරම්. තේරුම් ගත හැකි එකම කරුණනම් මේ සියළු ගැටළු එක්ව ඔහ්‍ය්ට දැඩි මානසික ආතතියක් එල්ල කරන වග.

නමුදු සියළු හැඟීම් පරදවා ප්‍රේමයම පමණක් ඔහුව මෙහෙයවන්නේ අනිච්චානුගතව මෙන්. තම මානසික මට්ටම,ආතතිය වගක් නොකරම ඔහු විණාරා වෙනුවෙන් අසාමාන්‍ය ලෙස කැපකිරීම් කරන්නේ සියල්ලටම මුළ තමා බවට හිත තමාට තදින් දෝෂාරෝපණය කරද්දී.

ගැඹුරු හුස්මක් ගෙන ආග්න හැරී බැලුවේ නිදන් හිඳිනා විණාරා දෙසට.

ඉඳින් තම හදවත ගි\ණිගොඩක් මෙන් ඇවිලෙද්දී ඈ නිසල සයුරක් මෙන් සන්සුන්ව නිදන් හිඳිනා අපූරුව. තමන්ටත් නොදැනීම ආග්නගේ යටිහිත බාහිරෙන් මිදී යනවා මෙන් කෙමෙන් නිවී යන්නට වූයේ සන්සුන් ඈ රුව මතම නෙතු තබාන හිඳිද්දී.

ඔහුට සිහිවූයේ මීට මොහොතකට පෙර බෙහෙත් පානය කර නිදාගන්නට පෙර විණාරා තමාට ඈ අසලින් නොයන බවට ඇවටිලි කළ ආකාරය.

"යන්නෙ නෑ නේද?"

ඈ විමසන්නට වූයේ තම අතැඟිලි තදින් අල්වාන.

"මං කොහෙවත් යන්නෑ. දැන් නිදාගන්න."

ඉඳින් ඈ කෙමෙන් කෙමෙන් නින්දට වැටෙන තුරුම ඔහු උන්නේ ඈ අසලම.

ශර්ටයෙහි ඉතිරි බොත්තම් ගලවමින් ආග්න නෙතු යොමුවේ වීදුරුවෙන් පිටත පරිසරය දෙසට.

"රොවේන් මොකද වුණේ වැඩේට?"

ඔහු ඇමතුමක් ගත්තේ රොවේන්ට.

"සර් අපි සාම්පල් ටිකයි මෙටේරියල්ස් ටිකයි චෙක් කරලා ඒක රිජෙක්ට් කරන්න ඩිසයිඩ් කරා.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now