129

312 13 0
                                    

#දුඹුරු_සඳ_129
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

නමුදු ඊළඟ තප්පරයේ ඔහු සිතට එබිකම් කරන්නට වූ සිතිවිල්ල කළේම ඔහු ළය බරකර දැමීම... විණාරා සිනහවීගෙන සැහැල්ලුවෙන් හිඳිනවා දැකීම සතුටක් වූවද එය හුදෙක් හිස්තැන් නොමැති සතුටක් නොවේ කිසිසේත්ම.

නමුදු ඔහුට කුඩා කල පටන්ම අවැසි වූයේ මෙසේ බිය නොමැතිව තමා, මිනිසුන්, සමාජය හා ගණුදෙනු කරනා විණාරා කෙනෙකු නොවේද? නිසැකවම ඔහුට අවැසි වූයේම එය... ඉඳින් දැන් තමා ඉදිරියෙහි හිඳින්නේ තමා වසර ගණනාවක් තිස්සේ මතුකරගන්නට උත්සහ කළ විණාරා වූවත් 100%ක් පරිපූර්ණව සතුටු විය හැකි කාරණයක් නොවේ එය ඔහුට. මන්ද යත් එය ඔහු බලාපොරොත්තු වූ පරිදි අතීතයේ දරුණු වේදනාවන්, හිත් රිදවීම් නිසාවෙන් කුලෑටි වූ ඈ අලු ගසා දමා නැගිට්ටේ නොමැති නිසාවෙන්.

ඒ සියල්ල අනපේක්ෂිත අයුරින් අනතුරක් නිසාවෙන් සිදුවුණ නිසාවෙන්. එමෙන්ම ඇයට නැවත මතකය පැමිණි පසුව යලිත් සියල්ල කණපිට පෙරළීමට ඉඩ ඇති නිසාවෙන්.

ආග්නගේ කල්පනාව බිඳී ගියේ නාන කාමරයේ දොර ඇරුණු හඬ සවනත වැකෙද්දී. හුස්මක් හෙළා ඔහු නෙතු යොමුවේ ඈ උවන මතට.

"යමුද?"

ආග්න නැවතත් විමසන්නට වූයේ විණාරාව කුටියෙන් පිටතට රැගෙන ගිය පසු ඇය නැවතත් බියපත්වේවිදැයි සිතා. වෛද්‍යවරයා පැවසූයේ ඇයව මිනිසුන්‍ට හුරු කරන්නට යම් උත්සහයක් ගන්නටයි කියා. එමෙන්ම ඇයට මතක තමා ළඟ හිඳිනා නිසාවෙන් ඇතැම්විට ඇය බියපත් නොවේවියැයි ඔහු නිගමනය කළේ.

"හ්ම්.."

මොහොතක් ආග්නගේ දෙනෙත් දෙස බලා විණාරා හූමිටි තබන්නට වූයේ තැතිගත් හඬින්. ගෙවී ගියේ මද නිහැඬියාවක ගිල්වුණ තත්පර කිහිපයක්.

"එන්න."

උඩට පහළට හිස යන්තමින් චලනය කර ආග්න පෙරමං ගත්තේ ඇයට අල්වා ගැනීමට තම අත ඈ දෙසට දිගුකර. ඔහු තමා දෙසට දිගුකළ අත දෙස බලා මොහොතක් ඈ කල්මරමින් හිඳ නෙතු බිමට බරකරගත්තේ එය නිහඬවම ප්‍රතික්ෂේප කරමින්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now