1-100 කෙටි සාරාංශයක්

538 17 1
                                    

❤️🖤කතාවේ 1 සිට 100 දක්වා ඉවත් කළ කොටස් වල ඉතා කෙටි #සාරාංශයක්...🖤❤️

දුඹුරු සඳ කතාව පටන් ගන්නේ මෙහෙම,

01 කොටසින්....

"ඕහ් ශිට් ඇඟ අස්සෙ රිංගන්න එන්නෙ! අහකට පලයන්.. ශික්!"

පාසල් ක්‍රීඩාංගනයේ ස්ටේඩියම් එකෙහි ළමුන් අතරින් බියෙන් බියෙන් රිංගා ගිය විණාරාගේ මුහුණ එක් පිරිමි ළමයෙකුගේ ශර්ටයේ පපු පෙදෙසෙහි ඇතිල්ලුණේ අතපසුවීමකින්. නමුදු ඒ තත්පරයේම එම පිරිමි ළමයාගේ මුහුණ රකුසු වී ගියේත්, බියට පත්වී ඔහු අසලම හිඳිනා කුඩා විණාරා දෙස කසල ගොඩක් දෙස බලනවා මෙන් බැල්මක් සමඟ.

"අයින් වෙනවා අයිසේ..."

ඉඳින් ඇය තවමත් ඔහු සමීපයෙන් ඉවත් නොවද්දී තවත් කෝපයට පත්ව එක් අතකින් ඇයව ඉවතට තල්ලු කරමින් ඔහු තැත් කළේ ඉදිරියට ඇවිද යන්නට. නමුදු සිරුරේ සමබරතාවය ගිලිහී විණාරා බිම ඇද වැටුණේ ඇයගේ සුදු ගවුමද එහෙ මෙහෙ වී පාසල් ළමුන් සිය ගණනක් ඉදිරියේ ඇයව දැඩි අපහසුතාවයට පත් වද්දී.

~~~🤎🌙

"ශිට් තමුසෙගෙ හොරි මේකෙත් ගෑවුණාද. පසියා ඔන්න ඔය ටී එක ගනින්"

එසේ පවසාන එම පිරිමි ළමයා තම වත වූ ටී ශර්ටය අප්‍රියාවෙන් ගලවා අසල වූ කුණු බඳුනට විසිකරලූයේ හීසර මෙන් වදන් ඈ ළය පසාරු කරගෙන යද්දී. බිය, අසරණකම, වේදනාව කැටිවූ කඳුළු ඈ දෙකොපුල් දිගේ පහළට ගලන් යද්දී බිමට නෙතු යොමාගෙනම නැගිටගත් ඈ දිව යන්නට වූයේ ස්ටේඩියම් එකෙහි පසුපසම හිස් පුටු පේළිය දෙසට. කෙතරම් හඬා වැටුණද, කෙතරම් අසරණව උන්නද ඇය අබියසට එකදු කරුණාවන්ත වදනක් හෝ දෙන්නට කිසිදු අයෙක් නොවූයේ විණාරා යනු පාසලෙන්ම කොන්වූ ගැහැණු ළමයෙකු නිසාවෙන්.

ඒ අන්කවර හෝ හේතුවක් නිසාවෙන් නොව ඇයගේ මුහුණ! කුඩා කළ සිටම පැහැදිලි කහ පැහැයට හුරු ළා දුඹුරු පැහැ සමක් තිබූ විණාරාගේ ජීවිතය වෙනස් වන්නට ගත්තේ ඇය අටවන ශ්‍රේණියේ දී. ඒ මතුවූ ජානගත රෝගයක් නිසාවෙන් ඇයගේ මුහුණ පුරා තද දුඹුරු පැහැ පැල්ලම් පැතිරෙන්නට ගනිද්දී. මුලින් තිත් කිහිපයක් පමණක් පැමිණ පසුව ඒවා මුළු මුහුණ පුරාම ව්‍යාප්තව යන්නට වූයේ ඇය මුහුණ කැළැල් වලින් වසා දමමින්...

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now