Chapter 1

723 79 20
                                    

" දඩෝංං............. "


ඉදිරියෙන් පැමිණි වාහනය මගඇරීමට කෙතරම් උත්සාහ දැරුවද එය සාර්ථක නොවුනි. ඉදිරියට විසිවූ හොසොක්ගෙ හිස ස්ටියරින් වීල් එකේ තදින් වැදුනි. මොහොතක් කම්පනයට පත්වී සිටි ඔහු වහා ප්‍රකෘති තත්වයට පැමිනුනේ ඔහුගේ ආදරණීය බිරිඳ සිහිවීමෙනි. දෙවියනේ........

ඇය සිහිසුන් වී ඇත. සත්මස් ගැබිණියක්වූ මීශා ව දෑතින් ඔසවා ගත් ඔහු දුටුවේ ඇය වාඩිවී සිටි අසුනේ තිබූ ලේ පැල්ලමය. අනතුර සිදුවූ තැනට එකතු වී සිටි මිනිසුන්ගෙන් එක් අයෙක් ඉදිරිපත් වී හෝසොක් සහ මීශා ව රෝහලක් කරා රැගෙන ගියේය.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මෙම සිදුවීම සිදුවී දැනට මාස තුනක් ගතවී ගොස් ඇත. එයින් මීශා ගේ කුසේ සිටි දරුවා මෙලොවට ඒමටත් පෙරම ඔවුන්ව හැර ගියේ හෝසොක් වගේම මීශාවද කම්පා කරමින්...

ඒ ඔවුන්ගේ පළමු දරුවායි. මීශා ගේ ගර්භාෂයල දැඩි ලෙස හානි වී තිබූ නිසා වෛද්‍යවරුන් පැවසුවේ ඇයට ටික කාලයක් යනතුරු තවත් දරුවෙක් ගැන සිතීමට නොහැකි බවයි.

ඩොක්ටර් හමුවී එදින රැයේ තම හිතවතෙකු ගේ නිවසකට ගොස් ආපසු එමින් සිටි ඔවුන්ගේ වාහනය ඉදිරියට කොහේදෝ සිට පැමිණි කාන්තාවක් කඩා පැන්නාය. හොඳවයින් දෙකක් කියන්නට හිතාගෙන වාහනයෙන් බිමට බැසගත් හෝසොක් දුටුවේ ඇය ගැබිණියක් බවත් ඇය දරාගත නොහැකි වේදනාවකින් සිටින බවත්ය .

වහා ඇයව රෝහලක් කරා රැගෙන ගියද එහි යනවිටත් එම කාන්තාව මියගොස් සිටිය මුත් වෛද්‍යවරුන් හට ඇයගේ කුසේ සිටි දරුවා බේරාගැනීමට හැකි වී තිබුනි.

" මිස්ටර් හෝසොක්...... අපිට අර ලේඩි ගේ දරුවා නම් බේරගන්න පුළුවන් උනා. නමුත් ඒ ලෙඩිව බේරගන්න බැරි උනා.. ඔයා ඉක්මනට එයාව ගෙනාපු නිසා තමයි අපිට ඒ දරුවව බේරගන්න පුළුවන් උනේ... "

" එතකොට ඩොක්ට.. ඒ දරුවව බාර දෙන්න ඒ ලේඩි ගෙ කවුරු හරි ඉන්නවද.... "

" ම්ම්ම්ම්....... නෑ හොසොක් ........ එයාගෙ කිසිම තොරතුරක් අපිට හොයාගන්න බැරිවුනා..මට සමාවෙන්න "

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now