Chapter 6

275 50 24
                                    

එදා හවස් වෙනකම්ම මං ජන්කුක් ගේ තුරුලට වෙලා හිටියා.

අවුරුදු දහස් ගානකට පස්සෙයි මං එයාට ආදරෙන් මෙහෙම ළං වුනේ.

මං ගෙදර එන්න ලෑස්ති වෙනකොට ජන්කුක් අර මාලය මගේ කරට දැම්මා. අවුරුදු ගානකට පස්සෙ ජන්කුක් මගේ තොල් සිපගත්තේ මාත් ආපිට ජන්කුක් ගේ හාදුවට ප්‍රතිචාර දක්වමින්..

ඒ හාදුව ඉවරවෙනකම්ම ඇස් පියාගෙන හිටපු මම ඇස් ඇරලා ජන්කුම් දිහා බැලුවා. එයා වෙනස් වෙලා. මගේ ඇස් වලට කඳුළු ආවා. කොච්චර කාලෙකට පස්සෙද මං එයාව මේ විදියට දකින්නෙ.


විශාල කළු අත්තටු යුගලත්, පැළඳ සිටි කළු ලෝගුවත්, මුව දෙපසින් දිගුව තිබූ දත් දෙකත්, හිස පැළඳි නිල් දියමන්තියක් සහිත ඔටුන්නත් ඔහුට තේජාන්විත පෙනුමක් ලබාදුන්නා.

                ජන්කුක් මං දිහා බලලා ලස්සනට හිනාවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්කුක් මං දිහා බලලා ලස්සනට හිනාවුනා. මට දැනුනේ පුදුම ලෝබකමක්.... ඉස්සරහට පැනලා එයාගෙ බෙල්ලේ එල්ලුනු මං එයාගෙ දෙතොල් සිපගත්‍තා.

මට දැනුනා ඒ උල් දත් දෙකට මගේ කට තුවාල වෙනවා. ඒත් මං ඒක ගණන් ගත්තෙ නෑ. ජන්කුක් එයාගෙ අත් දෙකෙන් වගේම එයාගෙ පියාපත් දෙකෙනුත් මාව තුරුල්කරගත්තා. ඒ අපේ අමරණීය ආදරය සනාථ කරමින් ජන්කුක්ගේ ඔටුන්නේත් මගේ මාලයේත් තිබුනු දියමන්ති වලින් විශාල ආලෝකයක් විහිදුනා.

**********************************************


හවස මං ගෙදර එනකොට අම්මයි තාත්තයි ලීසායි සාලයට වෙලා බලාගෙන හිටියා. එයාලගෙ මූණුවල තිබුනෙ බැරෑරුම් පෙනුමක්. ලීසා නම් හිටියේ හරිම සතුටින්. මොකක් හරි අවුලක් වෙලා කියලා මට තේරුනා........


මං එයාලා දිහා බැලුවත් කවුරුවත් කතාකලේ නෑ. ඉතින් මං මගේ කාමරයට යන්න හැදුවා. එතකොටම අම්මා කතාකලා.

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now