Chapter 18

196 43 21
                                    


දෙවියනේ ටේමින් ...... තමුසෙ මොනාද මේ කලේ......... අ.... අනේ..... හනා....... ඔහොම ඉන්න.... හනා.........සන්සුන් වෙන්න පැටියෝ......... අනේ....... "


මගේ කකුල් පණ නැතිවෙලා උගුරකට වේලිලා ගියා..... ලේ සුවඳ ඇරෙන්න වෙන කිසිම දෙයක් මට දැනුනේවත් ඇහුනේවත් නෑ......... මොනා උනත් යන්තම් තිබුනු සිහියෙන් මං එක දෙයක් හිතාගත්තා...... ඒ ආයෙ කවදාවත් මගේ යාලුවන්ගෙ ලේ බොන්නෙ නෑ කියලා. ඇත්තටම එහෙම කලොත් එයාලා මැරෙනවා... ඊට වඩා මේ වේදනාව ඉවසන එක හොඳයි....... ඒත්ත්...... කොහොමද ඉවසන්නෙ....


කොච්චර හිත දැඩි කරගෙන හිටියත් හනාට තම පිපාසය පාලනය කරගන්න බැරි උනා..... මොකද ඒ වෙලාවෙ පිපාසය තමයි හනාව පාලනය කලේ.... ටේහියුන්ග්ගෙ ලේ වලට ඉව අල්ලන හනාව කියාරා අල්ලගෙන හිටියෙ හරිම අමාරුවෙන්......

"කියනදේ අහලා මෙතනින් යනවා ටේමින් ....... හනා විඳවනවා පේන්නෙ නැද්ද.... ඕකද තමුසෙගෙ ආදරේ....... "

කියාරා කෑගැහුවෙ වේදනාවෙන්... ඇය ටේමින් ට වඩා හනාට ආදරේ කලා. ටික වෙලාවක් අඬ අඬ හිටපු ටේමින් එතනින් නැගිටලා යන්නගියේ දුකින් තරහින්....

මේ අතරෙ කියාරා ගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න තඩි පූසා හොරාකන්න දෙයක් හොයාගෙන කියාරා ගේ ගෙදරට ඇවිත් තිබුනා. උගේ කරුමෙට ඌ ඒ වෙලාවෙ කියාරා හනා ඉන්න තැනින් දිව්වා. ඒත් ඌට ඒ දෙන්නව පහුකරන්න උනේ නෑ. ලේ පිපාසයෙන් හිටපු හනා පැන්න ගමන් අර තඩි පූසගේ බෙල්ලෙන්ම අල්ලගත්තා....

හනා පූසගෙ ලේ බොන විදිය කියාරා බලාගෙන හිටියෙ තමන්ගෙ පැටියව කෑම කන්කම් බලන් ඉන්න අම්ම කෙනෙක් වගේ......

" හොඳ වැඩේ බූරු පූසට.... ආවා මෙතන හොරාකන්න...... හ්ම්ම්ම්........ අද විතරයි කෙල්ලේ...... අදින් පස්සෙ උඹ ආයෙ කවදාවත් ඔය විදියට දුක් විඳින්නෙ නෑ........ "

කියාරා හනා දිහා බලාගෙන එහෙම හිතුවා.... පූස් ලේ වලින් ප්‍රානවත් වූ හනා ඊට පස්සෙ ටිකක් නිදාගත්තා .

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now